84 හැවිරිදි මව මිය ගොස් ඇත්තේ රෙදි පටියකින් ගෙල සිර කිරිමෙන් බව හෙලිවේ..

September 17, 2019 at 2:06 am | lanka C news
84 හැවිරිදි මව මිය ගොස් ඇත්තේ රෙදි පටියකින් ගෙල සිර කිරිමෙන් බව හෙලිවේ..

හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල විග්ටන් ඉහල කොටසේ පදිංචිව සිට නිවසේදි මිය ගියේයැයි කියන 84 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නැමති එක්දරු මව මිය ගොස් ඇත්තේ රෙදි පටියකින් ගෙල සිර කිරිමකින් බව මරණය පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යය ඉනෝකා රත්නායක මහත්මිය ඇතුළු අධිකරණ වෛද්‍යවරුන් විසින්  නිගමනය කර ඇත.

ඉකුත් 9 දින එක්දරු මව නිවසේදි මිය ගියේ යැයි කියමින් මිය ගිය කාන්තාවගේ පුතා සහ මුණුබුරා  විසින් අවමගුල් කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසමින් සිරුර නිවස පිටුපස වගා ලිදක දමා වසා දමා තිබියදි වටවල පොලිසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුතා මේ මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මුණුබරා 23 දින දක්වා පේරාදෙණිය ළමා නිවසයේ රදවා තැබිමට හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා පසුගිය දා නියෝගකර තිබුණි.

මෙය සාවද්‍යය මනුෂ්‍යය ඝාතනයක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වටවල පොලිසිය පරික්ෂණ පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

6 views
Main News