අලූත් පක්ෂ හදන්න යන්නේ වංචා-දුෂණ චෝදනාවලින් බේරීමටයි.. – එස්.බී.
October 2, 2016 at 6:47 pm | lanka C news
ශ්රිලනිපය දෙකඩ කරමින් අලූත් පක්ෂයක් බිහිකිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින්නේ ගිය පාලන සමයේ ඔවුන් විසින් සිදුකළ වංචා දූෂණ චෝදනා වලින් බේරීමට යයි ඇමති එස්.බී. දිසානායක පවසයි.
නවුරඑළියේදී පැවති ජනහමුවක් අමතමින් ඇමතිවරයා කියා සිටියේ අලූත්පක්ෂ හැදීමට පෙර කල යුත්තේ වෙනත් තර්ක ඉදිරිපත් නොකර ඔවුනට එරෙහිව ඇති වංචා දුෂන චෝදනාවන්ට පිළිතුරු දීම බවයි.