දරුවන් රිය අනතුරුවලින් බේරාගන්න සෞඛ්‍ය අමාත්‍යංශය ස්ටිකර් අලවයි..
October 3, 2016 at 8:02 am | lanka C news
දිවයින පුරා වාර්ෂිකව සිදුවන 270,000 ක් පමණ වන ළමා අනතුරු අවම කිරිම පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇත.
ඒ අනුව මාර්ග වල සිදු වන යතුරු පැදි අනතුරු වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා ආරක්ෂිත හිස්වැසුම් පැලදීම පිළිබදව දෙමාපියන් දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
ආරක්ෂිත හිස්වැසුම්වල ‘මගේ දරුවාගේ ඔළුව මට පණ වගේ’ යනුවෙන් සදහන්වන ස්ටිකරයක් අලවමින් ජනතාව දැනුවත් කිරීෙමි වැඩපිළිවෙලක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පසුගිය සිකුරාදා දින ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුනි. ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම වැඩසටහනට පොලිස් රථ වාහන අංශයේ සහයෝගය ද ලැබී ඇත.
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
ඔයිට වැඩිය හොඳයි school van drivers ලා පාරෙ යන හැටි ටිකක් බලා හිටියා නම් . ඊට පස්සේ ගන්න තීරණය ක් ගන්න .