මහින්ද පිලට තව ජයක්.. මහින්ද පිලට 08යි.. රනිල්+මෛත්රී හවුලට 01යි..
October 3, 2016 at 4:06 am | lanka C news
ඊයේ පැවත්වුන සිමාසහිත ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිති නිලවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් තරග වැදුනු කණ්ඩායමට අති විශිෂ්ට ජයක් ලැබිණි.
අවසන් ප්රතිඵළය අනුව ඒකාබද්ද විපක්ෂයේ කණ්ඩායම සමූපකාරය සමිතියේ අධ්යක්ෂවරුන් නව දෙනාගෙන් අට දෙනකු දිනා ගත්හ. එහිදී එක්සත් ජාතික පක්ෂය හා මෛත්රී පිලේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමකත් සමඟ එක්ව තරග කර දිනාගනු ලැබුවේ එක අධ්යක්ෂ ධුරයක් පමණි.
දඹුල්ල ආසනය තුල පිහිටි ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය පොදු විපක්ෂයේ පාර්ලිමේන්තුව කණ්ඩායමේ නායකයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ආසනයයි.