තල් සෙවනේදී ඇමති ….. අධික බීමතින් මාධ්‍යවේදියෙකුට පහර දෙයි..
October 3, 2016 at 1:02 am | lanka C news
පෙරේදා රාත්‍රියේ යාපනයේ තල්සෙවන උත්සව ශාලාවේ පැවති භෝජන සංග්‍රහයක් අතරතුරදී අධික ලෙස මත් පැන් පානය කරන ලද ප්‍රබල ඇමතිවරයෙක් විසින් මාධ්‍යවේදියෙකුට දරැණු ලෙස ප්‍රසිද්ධියේ බැණ වැදී ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් ලවා පහර දීමක්ද සිදු කර ඇතැයි සමාජ ජාල හා අන්තර්ජාල පුවත් අඩවි ඔස්සේ වාර්තා කර ඇත.
යාපනයේදී පැවති ජාතික ක්‍රීඩා උලෙළ වාර්තා කිරීමට කොලඹ සිට ගිය මාධ්‍යවේදින්ටත් ආරාධිත අමුත්තන්ටත් පැවති භෝජන සංග්‍රහයේදී ඇමතිවරයා අධික බීමතින් මෙසේ පහර දී ඇති බවද ඒකායේ දැක්වෙයි.
මෙම ප්‍රහාරය ගැන යාපනය පොලීසියේ පැමිණිලි කරන්නට ලිය මුල් අවස්ථාවේ පැමිණිල්ල බාරගෙන නැති අතර දෙවන වතාවටත් ගිය පසු පැමිණිල්ල සටහන් කරගෙන ඇතැයිද වැඩිදුරටත් සදහන්ය.