හිටපු කොටි කෝකිලයි රණවිරු ගමට පනිති.. දෙමළ භූමියෙන් ඉවත් වන්නැයි පහර දෙති..

October 3, 2016 at 10:00 am | lanka C news
හිටපු කොටි කෝකිලයි රණවිරු ගමට පනිති.. දෙමළ භූමියෙන් ඉවත් වන්නැයි පහර දෙති..

ඊයේ දිනයේ වවුනියාව කෝකිලායි රණවිරු ගම්මානයට කණ්ඩායමක් සමග කඩා පැන ඇති හිටපු කොටි සාමාජිකයකු වන සින්නවන් නොහොත් පාක්‍යනාදන් විශ්වනාදන් නැමැත්තා එහි පදිංචි රණවිරු පවුල්වල සාමාජිකයන්ට පහරදී එම නිවාස ඉදි කර ඇත්තේ දෙමළ ජනතාවට අයිති ඉඩම්වල බව පවසා වහාම ඉන් ඉවත් යා යුතු යයි තර්ජනය කර තිබේ.

පසුව රණවිරු පවුල් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු සහ තවත් සම්බන්ධ වුන සැකකරුවෙක් කිලිනොච්චිය ඉරනමඩුහිදි පොලිස් අත්අඩංගුවට ගෙන වව්නියාවේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කෝකිලයි රණවිරු ගම්මානයේ පදිංචිව වැසියන් පැවසුවේ එම පහරදීමට පැමිණි පිරිස් මහ හඩින් පවසා සිටියේ ‘අපට අයත් අපේ භූමිය නැවත අපි ගන්නෙමු’ යන්නයි.

120 views
Main News