88-89 ආදර්ශයෙන් මෙවර මැතිවරණයද තියැන්නැයි කියයි..

April 20, 2020 at 8:02 am | lanka C news
88-89 ආදර්ශයෙන් මෙවර මැතිවරණයද තියැන්නැයි කියයි..

දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

1988 – 1989 භීෂණ යුගයේ දී වත් මැතිවරණ කල් දැම්මේ නැහැ වහාම දිනයක් ප‍්‍රකාශයට පත්කොට මහා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්න.

දින නියමයක් නොමැතිව කල්තබන ලද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු දිනයක් ප‍්‍රකාශයට පත්කොට වහාම මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ‘දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂය’ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

වසර 4 1/2 ක අසාර්ථක රාජ්‍ය පාලනයකට පසුව ජනතා විශ්වාසය බිඳගත් යහපාලන ආණ්ඩුවේ පාර්ශවකරුවන් කොටස් කිහිපයකට වෙන්ව දුර්වල වී ඇත. ජනතාව විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද විපක්‍ෂයේ මුග්ධ නායකයන් විවිධ ප‍්‍රකාශ නිකුත්කරමින් යෝජිත මහාමැතිවරණය නොපවත්වා ජනවරම අහිමිකරගත් විසිරවූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට දරණ ප‍්‍රයත්නය පිළිකුල් සහගතය.

අපගේ ජාතික රාජ්‍යයත්, රාජ්‍ය ආරක්‍ෂාවත්, ආර්ථිකයත් දුර්වලකරමින් ගෙනගිය දුර්දාන්ත පාලනය නොවැම්බර් 16 දා පරාජය කළ දේශපේ‍්‍රමී ජනයාගේ අපේක්‍ෂාව කල් ඉකුත්වූ පාර්ලිමේන්තුව යළි කැදවීම නොව ජනතා ඡුන්දයෙන් තෝරාපත්කරගන්නා නව පාර්ලිමේන්තුවකි.

එදා ඔවුන් සිය ඊනියා යහපාලන යුගය තුළ පළාත් පාලන මැතිවරණය වසර ගණනාවක් කල් දැමු ආකාරයත්, පළාත් සභා මැතිවරණ නොපවත්වන්නට ‘ව්‍යවස්ථා සංශෝධන’ සරණගිය ආකාරයත් ජනතාවට මතකය. අද විපක්‍ෂය නියෝජනය කරන එම කණ්ඩායමම මහාමැතිවරණය මගහැර යාමට දරණ උත්සාහය හාස්‍ය ජනකය.

ජාත්‍යන්තරව ව්‍යාප්ත වන කොරෝනා හෙවත් කොවිඞ් – 19 වයිරසය මගින් ඇතිකරන ලද තත්ත්වය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කිසියම් බලපෑමක් සිදුකොට ඇතිබව දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂයද පිළිගනී.

එහෙත් අප රටෙහි මැතිවරණ ඉතිහාසය තුළ සාමාන්‍ය නොවන තත්ත්වයන් යටතේ විවිධ කි‍්‍රයාමාර්ග හා විධිවිධාන ගනිමින් ‘ජනතා පරමාධිපත්‍ය’ සුරකීම සඳහා මැතිවරණ පවත්වා ඇතිබව මතක් කරනු කැමැත්තෙමු.

මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්‍ෂයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් අමානුෂික ලෙස ඝාතනය කරමින්, ඡුන්ද පොළට පැමිණ ඡුන්දය දැමීමට ද`ඩුවම ‘මරණය’ ලෙස කි‍්‍රයාත්මක වූ දකුණේ භීෂණය නිසාවත්, 30 වසරක උතුරේ යුද්ධය නිසාවත් මැතිවරණ කල් දැමුණේ නැත. 1987 පළමු පළාත් සභා මැතිවරණය කඩින් කඩද, 1988 ජනාධිපතිවරණය සහ 1989 මහාමැතිවරණය එකම දිනයකදී පවත්වමින් තම දිවි දෙවැනි කොට ‘ජනතා පරමාධිපත්‍ය’ වෙනුවෙන් මැතිවරණ මෙහෙයවූ ස්වර්ණමය ඉතිහාසයක් අප රටේ මැතිවරණ යාන්ත‍්‍රණය මෙහෙයවන පෙර දෙපාර්තමේන්තුවක් වූ වර්තමාන මැතිවරණ කොමිෂන් සභාව සතු බව මතක් කර දෙන්නෙමු.

අතීතයේදී යුද්ධය හා භීෂණය හමුවේ මැතිවරණ මෙහෙයවූ ඔබ ආයතනයට ඇතිවී තිබෙන සෞඛ්‍ය ගැටලූව කළමනාකරණය කරගනිමින් මහාමැතිවරණය පැවැත්විය හැකි යැයි අප විශ්වාස කරමු.

එම නිසා වහාම මැතිවරණය සඳහා දින නියම කොට හැකි ඉක්මනින් එය පවත්වන ලෙසත්, සර්වජන ඡුන්ද බලය හරහා ජනතාවගේ පරමාධිපත්‍ය බලය සුරැකීමට කැපවන ලෙසත් ඉල්ලා සිටිමු.

සුගත් හේවාපතිරණ
ප‍්‍රධාන ලේකම්

568 views

20 Comments to “88-89 ආදර්ශයෙන් මෙවර මැතිවරණයද තියැන්නැයි කියයි..”

  1. අක්බාර් ලොක්කා says:

    නිසි කලට ඡන්දය පැවැත්වීමට බාධා පැමිණවීමෙන් සිදු කරනුයේ කොරෝනා නිසා අර්බුධයට මුහුණ දීමට හැකි ශක්තිමත් රජයක් තැනීමට අවහිර කිරීමකි. එමනිසා එයින් සිදුවන්නේ කොරෝනාව නිසා මලමිණී කඳු ගොඩ ගැසීමකි. එමනිසා ජනතාවගේ ප්‍රජාත්‍රාන්තික ශුද්ධ මානව හිමිකමක්වූ ඡන්දය පාවිච්චි කිරීමට එරෙහි බලවේගවලට තදින් පහර දී මරා මුලිනුපුටා දැමිය යුතුයි.

  2. සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ, අත් වැසුම් ආදී කොවිඩ් ආරක්ෂණ උපකරණ භාවිත නීති කඩ කරන්නන් ” දුටු තැන
    වෙඩි තබා මර දමනු ලැබේ” යන්න විය හැකි දෙසප්ප්රෙමී ජනතා ව්‍යාපාරයේ සටන් පාටය ……..
    “රුපියල් 5000 ක දඩයකට යටත් කරනු ලැබේ ” ලෙස සිශ්ටවත් කොට යොදා ගනිමු.

    කිම්ද ? වෙඩි තබන්නේ කවුදැයි ?????? යන ඕපාදුපය සොයාගනීමටම ඉහත උපකරණ නොමැතිව එලියට බහිනා,,,,,,
    කුතුහලයෙන් පිරි ජනයා වෙඩි පහරින් හා වයිරසයෙන් දහස් ගණනින් මිය යනු ඇත.<<<<<>>>>>

  3. namal says:

    me comment mokatada? rate wyawastawak tiyeddi.

  4. WMFernando says:

    Jadapalana aanduwe awrudu hatharahamare neathiya thamai chandaya parakku kale. Moda neethi hadapu aanduwata thamai baninna oana.

  5. B. anthony says:

    88-89 මැතිවරනද ඒනෙ? අපේ රටේ ඇත කළ දූෂිතම මැතිවරන දැනගෙනද කථා කරන්නෙ?