88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා.. එවන් මරනීය යුග යළි ඇති වෙන්න ඉඩ දිය යුතු නෑ..

September 2, 2019 at 8:02 am | lanka C news
88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා.. එවන් මරනීය යුග යළි ඇති වෙන්න ඉඩ දිය යුතු නෑ..

යහපත් සමාජයක් ගොඩ නැගීමට නම් මානව දයාවෙන් පිරි යහපත් පිරිසක් රට පාලනය කළ යුතු බවත් ,එවැනි අය තෝරා පත් කර ගැනීමට ජනතාව බුද්ධිමත් ව ක්‍රියාත්මක විය යුතු බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

දරුවන් ගැන සංවේදී නොවන අය රට පාලනය කිරීමෙන් රටේ අනාගතය ද අඳුරු වන බව කී ඒ මහතා ,පාලකයන්ට දැක්මක් ඇත්නම් පෙර පාසල් විෂයට රජයේ ප්‍රමුඛතා ලේඛනයේ විශේෂ තැනක් හිමි විය යුතු යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ” සිසු නැණ පදනම ” මඟින් කළුතර දිස්ත්‍රික්
පෙර පාසල් ගුරුවරියන් වෙනුවෙන් සංවිධානය කළ අධ්‍යාපන චාරිකාවට සමගාමිව පැවැති වැඩමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි .

ඉකුත් 30 වැනිදා මහනුවර දී පැවැති එම වැඩමුළුවේදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” මහජනයා රට පාලනය කරන්න තෝරා පත් කර ගන්නා නියෝජිතයන් විවිධාකාරයි .සමහරුන් ට කිසිදු දැක්මක් නෑ .සමහර අය තුළ මානව ගුණ ධර්ම පිහිටා ඇත්තෙත් නෑ .එවැනි අය එක්ක කොහොමද යහපත් රටක් හදන්නෙ කියා ප්‍රශ්නයක් ඇති වෙනවා .පරාර්ථ චර්යාවෙන් යුත් මහ ජන නියෝජිතයන්ගේ හිඟයක් අද අප රට තුළ පවතිනවා . පියල් නිශාන්ත මන්ත්‍රී වරයා මානව හිතවාදියෙක් වගේම දැක්මක් ඇති ජනතා නියෝජිතයෙක් .දේශපාලනයට අවශ්‍ය වන්නේ එවැනි අය .

පෙර පාසල් දියුණු කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය විශේෂ වැඩ සටහනක් එදා ක්‍රියාත්මක කළා .දරුවන් ගැන අප සියලු දෙනා අවධානය යොමු කරන්න ඕනෑ .ඔවුන් නියම පුරවැසියන් කිරීමට නම් අධ්‍යාපනය දියුණු කළ යුතුයි .පෙර පාසල යනු දරුවන්ගේ අනාගතය හැදෙන මුල් තැන .ඒ ගැන විශේෂ සොයා බැලීමකින් කටයුතු කිරීම රජයේ පරම වගකීමක් .එය අද සිදුවෙන බවක් පෙනෙන්නෙ නෑ .

දශක කීපයක් අප ජීවත් වුනේ බියකරු සමාජයක .ජීවිත ගැන විශ්වාසයක් තිබුනේ නෑ .බොහෝ දෙනෙක් මේ ගත කරන්නෙ අතිරේක ජීවිත .1989 -90 භීෂණ යුගයේ දී තරුණ තරුණියන් මරා දමා තිබෙන හැටි අපි දැක්කා .මානව හිමි කම් වෙනුවෙන් පෙනී සිටි එවකට මන්ත්‍රී වරයෙක් වූ වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විශාල තරුණ පිරිසක් මරණෙන් බේරා ගත්තා . එවැනි ඛේදනීය යුග යළි ඇති වෙන්න ඉඩ දිය යුතු නෑ .මිනිස්සු මනසින් දියුණු කරන්න ඕනෑ .එහෙම වෙන්න නම් ළමා කාලය නිසි පරිදි සකස් විය යුතුයි .ඒ සඳහා පෙර පාසල ඉතා වැදගත් .බොහෝ දුෂ්කරතා මැද පෙර පාසල් ගුරුවරියන් සිදු කරන්නේ සුවිශේෂී සේවයක් .එය කාගේත් අගැයීමට ලක් විය යුතුයි .” යැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmeedia

59 views

5 Comments to “88-89 යුගයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරුණයන් විශාල පිරිසක් මරණෙන් බේරා ගත්තා.. එවන් මරනීය යුග යළි ඇති වෙන්න ඉඩ දිය යුතු නෑ..”

  1. kiribatha says:

    Premadasa annihilated Sinhalese terrorists and Rajapaksha annihilated Tamil terrorists. Both terrorist groups were trying to impose their rules on the civilians. I do not understand why Premadasa is considered a villain, but Rajapaksha is considered a hero. Both leaders did what they had to do at that time. We should be thankful to both for restoring normalcy in the country.

    • Nishantha says:

      what a foolish comparison. LTTE was a internationally recognised terrorist group whereas JVP was a major political party in the co

      • kiribatha says:

        It should not matter whether it is an internationally recognized, locally established group, or a major political party. Terrorists are terrorists. Also, it should not matter whether they are Sinhalese, Tamils, or Muslims, if they are trying to impose their will on others by force. All should be treated equally.

    • Ex JVP says:

      True. But there is a dufference also. During Premadasa era it was very complicated. There was unbelievable amount of conspiracies among local politicians, particularly within UNP. Premadasa had to fight several fronts: LTTE, JVP, the elite class if UNP etx. Many killed and put it in Premadas’s account. In villages people killed each other for personal reasons but to look like killed by UNP or JVP.
      ‘ගිනි අවි සහ ගිනි කෙලි’ ටෙලි නාට්‍යය බලන්න. ඒ යුගය ගැන හොද විවරනයක්

  2. කිරා says:

    කණගාටුවට කාරණය මහින්ද රාජපක්ෂ මහතාට 88-89 භීෂනයේදි ඝාතනය වී මාතලේ සමූහ මිනීවලේ වැලලී ගිය සිය ගනනක් ජීවිත බේරා ගන්නට බැරි වීමයි.මහමග පා ගමන් නොයා සිය නිවස තුලදීම තම බාල මල්ලිත් එක්ක කතා කර අදටත් කාන්තාවන්ගේ පපුවේ ඇවිලෙන ගින්දර වලකාලන්නට එදා නොහැකි වූවා නොවේද?

Main News