90 හැවිරදි කාම්බොජ භික්ෂුවක් ශ්‍රි පාද වන්දනාවේදී අපවත් වෙයි..
March 14, 2019 at 6:48 pm | lanka C news
කාම්බෝජයෙන් මෙරටට වැඩම කර හිමි නමක් දික්ඔය මුලික රෝහලේදි ඊයේ (13) පස්වරුවේ අපවත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
මෙසේ අපවත් වි ඇත්තේ සැම්රොන් ඩාන් 90 හැවිරිදි හිමි නමකි.
කාම්බෝජයෙන් පසුගිය දා මෙරටට වැඩම කල සංඝරත්නය සමග අපවත් වි වදාල සැම්රොන් ඩාන් හිමි නමද වැඩම කර ඉකුත් 9 වෙනිදා ශ්‍රි පාදස්ථානය වැඩ පුදාගෙන ආපසු කොළඹ දක්වා යන අතරතුර හදිසියේ රෝගාතුර විම හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (13) පස්වරුවේ අපවත් වු බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.
ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ දික්ඔය මුලික රෝහල වෙත ඊයේ රාත්‍රි ගොස් අපවත් වු කාම්බෝජ හිමි නමගේ දේහයට අවසන් ගෞරවය දක්වා ඇත.
අපවත් වි වදාල කාම්බෝජ හිමි නමගේ පශ්චත් මරණ පරික්ෂනය දික්ඔය මුලික රෝහලේදි ඊයේ සිදු කර ඇති අතර දේහය කාම්බෝජ තානාධිපති කාර්යයාලය වෙත භාර දිමට කටයුතු කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසුවේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
සැම්රොන් ඩාන් හිමියන්ට නිවන් සුව ලැබේවා
මෙම භික්ෂූණ් වහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා!
පූජ්‍ය. සැම් රෝන් හිමියන්ට උතුම් නිවන් සුව අත්වේවා.
සැම්රොන් ඩාන් හිමියන්ට නිවන් සුව ලැබේවා
සැම්රොන් ඩාන් හිමියන්ට නිවන් සුව ලැබේවා
සැම්රොන් හිමියන්ට නිවන් සුව ලැබේවා