කෝච්චිය සමග සෙල්ෆි ගත්තොත් නඩු..
June 17, 2017 at 5:30 pm | lanka C news
දුම්රිය සමග අවදානම් ලෙස සෙල්ෆි ඡායාරූප ගන්නා අයට විරුද්දව නඩු පවරන බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න කියයි.
ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය ආඥා පනත අනුව අනතුරුදායක ලෙස ගමන් කරන දුම්රිය මඟීන්ට සහ අන් පුද්ගලයන්ට එරෙහිව මෙසේ නීතිමය පියවර ගන්නා බවයි.
දුම්රිය මාර්ගයන්හි ගමන් කිරීමද දඬුවම් ලැබිය යුතු වරදක් යයිද පවසන ඔහු එසේ තිබියදී ඇතැමුන් දුම්රිය පැමිණෙද්දී සෙල්ෆි ගැනීම ඉතා අනතුරුදායක බවය.