අනුරගේ පුතා මිහින් ලංකා ගියේ සුදුසුකමටයි.. ස්ලිට් එක සයිටම් වගේ නොවෙයි.. ඇයි අවුල්ද.. ටිල්වින් හත්පොලේ ගාගනී..
June 18, 2017 at 9:20 am | lanka C news
ජවිපෙ නායක අනුර දිසානායකගේ පුත්‍රයා වන කසුන් දිසානායක පසුගියදා විවාහ විම ගැනත් ඔහු ස්ලිට් පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන මිහින් ලංකා ආයතනයේ රැකියාව කිරීම ගැනත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද ලංකාදීප පුවත්පත සමග මෙසේ අදහස් පල කරයි.
සාකච්චාව අනුව ජවිපෙට ගැටුළුව ඇත්තේ සයිටම් ආයතනය සමග මිස පුද්ගලික අධ්‍යාපනය සමග නොවේ. ඔහු පවසන්නේ රාජ්‍ය ආධ්යපනයෙන් ඉගෙන ගන්නට බැරි වූ දෙයක් පුද්ගලික ආයතනයකින් කර ගත හැක. ජවිපෙ මෙම මතය මීට පෙර ඉදිරිපත් කල බවක් පැහැදිලි නැත.
මිහින් ලංකා හා ශ්‍රී ලන්කන් එයාර් හි රාජපක්ෂ හෙංචයින් පුරවාගෙන සිටින බවට එකල ජවිපෙ කල විවේචනය මෙම සාකච්චාවෙන් බොරු වෙයි. එදා කතා අනුව අනුරගේ පුතා එක්කෝ රාජපක්ෂ හෙංචයියෙකි. නැතොත් අද කතාව අනුව සුදුසුකම් මත රැකියාව ලැබූ අයෙකි. එමෙන්ම මිහින් ලංකා හා ශ්‍රි ලන්කන් එයාර්හි සිටින්නේ රාජපක්ෂ හෙංචයිනන් නොව සුදුසුකම් මත රැකියාව ලැබූ පුද්ගලයින්ය.