94 සිට බලයේ සිටින තජිකිස්ථාන් ජනාධිපති සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවෙයි.. තජිකිස්ථානයේ ආයෝජක සුදුසු පරිසරයක් නෑ – ලෝක බැංකුව

December 14, 2016 at 1:20 pm | lanka C news
94 සිට බලයේ සිටින තජිකිස්ථාන් ජනාධිපති සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවෙයි.. තජිකිස්ථානයේ ආයෝජක සුදුසු පරිසරයක් නෑ – ලෝක බැංකුව

නීතිය, සාමය නොමැති වීම, රට තුල අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකම, රටතුල පවතින බලශක්ති අර්බුදය නිසා නොකඩවා විදුලිබලය සැපයීමට නොහැකි වීම නිසා අයෝජන සඳහා මෙන්ම ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් තජිකිස්ථාන් රාජ්‍ය තුල නොමැති ලෝක බැංකුව විසින් 2016 ඔක්තෝබර් 07 වෙනිදා නිකුත් කල වාර්තාවේ සඳහන් වෙයි.

ලංකාවේ වාර්ෂික දළ ජාතික නිෂ්පාදනයෙන් 10% ප්‍රමාණයේ කුඩා ආර්ථිකයකට හිමිකම් කියන තවමත් ඒක පුද්ගලයකු ආදායම ඇ. ඩොලර් 928ක්ව ඇති තජිකිස්ථාන් ආර්ථිකය රටේ සමස්ථ දුප්පත්කම 37%කි.

රුසියානු සමුහාන්ඩුවෙන් වෙන්වී වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස 1994 සිට කටයුතු කරන අතර එදා සිට එහි ජනාධිපති ලෙස කටයුතු කරනු ලැබන්නේ මේ දිනවල ශ්‍රී ලංකාව පැමිණ සිටින ‘ඉනෝමාලි රහමාන්’ ය. 2006 පැවති ජනාධිපතිවරණය ප්‍රධාන විපක්ෂය විසින් වර්ජනය කෙරුවේ ඔහු විසින් සිදු කරන මැතිවරණ දූෂණ හේතු කොට ගෙනයි.

තජිකිස්ථාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුරදී දෙරට අතර සංචාරක, දේශපාලන, ක‍්‍රීඩා, ඇගලුම් කර්මාන්ත යන ක්ෂේත‍්‍රයන්ට අදාළ සහයෝගීතා ප‍්‍රවර්ධන ගිවිසුම් අත්සන් කරනු ලැබීය.

ලෝක බැංකු වාර්තාව මෙතනින්

9 views

6 Comments to “94 සිට බලයේ සිටින තජිකිස්ථාන් ජනාධිපති සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවෙයි.. තජිකිස්ථානයේ ආයෝජක සුදුසු පරිසරයක් නෑ – ලෝක බැංකුව”

  1. පොදු මිනිහා says:

    ඇයි මහින්දගේ යුගයේ ස්වාසිලන්තයේ නායකයා එන කොට කෑගහපු නඩේ දැන් කෝ, යහපාලන ආණ්ඩුවට ලොකු ලොකු ආයෝජන එනවා කිව්වේ මෙවා වෙන්නැති. මේක නම් පුදුම රටක්…………. පුදුම පාලකයෝ .

  2. ගම්බාරේ says:

    අපේ රටේ වගේමයි හරි පුදුමයි. නියමයි. හිගන්නන්ට පුලන්නෝ සැට් වෙලා.

  3. සුනිමල් says:

    පොලොන්නරුව ලොක්කාට හරි ජොලි ඇති අපිට වැඩිය ලෝක හිගන්නෝ සමඟ ගිවිසුම් අත්සන් කරන කොට. ජයවේවා තජිකිස්ථානයට සහ එහි රජ්ජුරුවෝට,

  4. එයා මෙයාට ඒ රටට එන්න කියලා ආරාධනාවක් කලා කියලා නිව්ස් වලට කිව්වා. දැන් ලොක්කා ඒ රට තියෙන තැන ලෝක සිතියමෙන් හොයන්න කමිටුවක් පත්කලාලු. ඔයවගෙ රටවල් කිපයක් විතරයි තව නොගියෙ.

  5. oba says:

    රුසියාවට වඩා ටජිකිස්ථානය ලොකුඉනෙ