ගාල්ලේ සිසු විරෝධතා උණුසුම්.. ජනපතිගේ පඹයින් හදා මහ මග ගිනි තියයි..
June 22, 2017 at 6:48 pm | lanka C news
ඊයේ දිනයේ පැවති සිසු විරෝධතාවයට පොලීසිය විසින් සිදු කල පහර දීමට විරෝධය පා ගාල්ලේ අද පැවති විරෝධතාවය පටිගත කිරිමට ආරක්ෂක අංශයේ යයි සැක සහිත පුද්ගලයෙකු කටයුතු කිරිම නිසා උණුසුම් තත්වයක් ඇති විය.
විරෝධතාවය පටිගත කල පුද්ගලයා සිසුන් විසින් වට කර ගෙන දත්ත ගබඩාව ඉල්ලා සිටියද ඔහු පලායාමට උත්සාහ කිරීමත් සමග තත්වය උණුසුම් විය. අවසානයේ පොලිසිය විසින් එම පුද්ගලයා සිසුන්ගෙන් මුදාගෙන පොලිසිය දෙසට රැගෙන ගොස් ඇත.
යලිත් විරෝධතාවයේ යෙදුනු සිසුන් ජනාධිපතිවරයාගේ රැව ඇති පඹයෙකු පුළුස්සා දමන ලදී.