‘අසාද් සාලි’ ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කල යුතු අයෙකි.. මේ එන්නේ කුමටදැයි දනිමු..- DIF
June 29, 2017 at 6:24 am | lanka C news
2015 ජනවාරි 8 වෙනිදා ඇතිකල දේදුනු විප්ලවයේ කස කස කරුවකු වු අසාදි සාලි කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පැමිණි පුද්ගලයෙකි. ඉන්පසුව ඔහු දේශපාලන වශයෙන් චරිතයක් බවට පත්වුයේ පසුගිය ජනාධිපතිවරණයේදිය.
ඒ, වසර 30ක් මෙරටේ තිබු කුරිරු එල්ටිටී දෙමළ කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට රටට සාමය ගෙනදෙමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ආදරය දිනාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු එම පාලනය ඉවත් කිරීමටයි.
ඒ අනුව රාජපක්ෂ රෙජිමයේ සිටී ජේෂඨතම අමාත්‍යවරයෙකු වු මෛත්‍රීපාල සිරිසේන මහතා එදා විපක්ෂයේ සිටි සියලුම පක්ෂ විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තරග කොට ඔහුව පරාජය කිරීමට තෝරාගත්හ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය එවකට රාජපක්ෂ ආණ්ඩුවේ සිටිමින් බොහෝ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූර අපේක්ෂකයාට ලබාදුන් බව මේ වනවිට පැහැදිලිව පෙනෙන්නට තිබේ.
එහිදි ප්‍රධාන දේශපාලන චරිත මෙන්ම අද ජනාධිපති ලේකම් ලෙස සිටින පිබි අබේකෝන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග වැන්නන් එක පැත්තකින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනය ලියමින් අනික් පැත්තෙන් පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහයෝගය ලබා දුන් රාජ්‍ය නිලධාරින් බවට ඉතා පැහැදිලි සාක්ෂි ඇත.
මේ අනුව එදා අසාද් සාලි ක්‍රියාත්මක කල භූමීකාව එතරම්ම ප්‍රශ්නයක් නොවේ, එත් අද වනවිට ඔහුගේ ජාතිවාදී ක්‍රියා කලාපය සම්බන්ධව ඉතා පරිස්සමින් නිරීක්ෂණය කල යුතුය. මන්දයත් ඔහු ක්‍රියා කරන්නේ සත්‍ය වශයෙන්ම මෙරටේ වෙසෙන අහිංසක මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් ද යන්නය. හේතුව මොහුට මෙතරම්ම් අවංක හැගිමක් මුස්ලිම් ජනතාව වෙනුවෙන් තිබේ නම් මුස්ලිම් ජනතාව ද ඔහුට පෙරලා ආදරය කරනු ඇත.
කරුණු එසේ නම් අද ඔහු මේ වනවිට වසර 25 ක දේශපාලනයෙන් පසු මධ්‍යම පලාත් සභාවේ නිකම්ම නිකං මන්ත්‍රී වරයෙකු නොව මුස්ලිම් ජාතිකයින් විසින් ඔහුව මෙරටේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු දක්වා ගෙන යනු නිසැකය.
මෙයට කදිම උදාහරණය නම් එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාවට ඉදිරිපත් කල නාම යෝජනා ප්‍රතිකේෂ්ප වූ අවස්ථාවේ එජාප ඉල්ලීම පිට ඒ සඳහා ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායමකින් පැමිණි මුස්ලිම් ජාතිකයකු ත්‍රිවීල් රියදුරකු කොළඹ නගරාධිපති ලෙස පත් කලේය.
කරුණු එසේ හෙයින් අසාද් සාලිගේ වර්තමාන භූමිකාව තේරුම් ගැනීමට අවශ්‍ය විද්වත්හු හමුවේ පහත සඳහන් කරුණු ගොනුකර තබමු. මොකද මොහුගේ මේ හැසිරීම සම්බන්ධව නිශ්චිතව තීරණය කිරීමට තවත් කාලය අවශ්‍ය නිසාය,
- ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වු විගස එවකට සිටි අග්‍ර විනිශ්චයකාර මොහාන් පිරීස් මහතා එම ධූරයෙන් නිත්‍යානුකූලව ඉවත් නොකොට අසාද් සාලි විසින්, කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවස තුලට ගොස් අග්‍ර විනිශ්චයකාර මොහාන් පිරීස් මහතා වහාම ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කොට ඔහු ඉවත් කිරීමට කටයුතු යෙදීම. මෙය පිටුපස සිටියේ කුමන බලවතා ද? link
- පසුගිය දා අලි ඇතුන් සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කල අතර උන් වහන්සේගේ හෝ මහා නාහිමිවරුන්ගේ හෝ අවම වශයෙන් බෞද්ධයන්ගේ ඉල්ලීමක් හෝ නැතිව හිමියන්ගේ අදාළ නඩුව නැවත කැදවා අසාද් සාලි විසින් අවශ්‍ය කටයුතු යොදා උඩුවේ නාහිමි ඇප මත නිදහස් කලේය. මෙය පිටුපස සිටියේ කුමන බලවතා ද? link
- විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට තර්ජනය කිරීම මෙන්ම එහිදි හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සම්බන්ධව ප්‍රකාශයක් කිරීම, මෙය පිටුපස සිටියේ කුමන බලවතා ද? link
- පසුගිය දා සිංහල බෞද්ධයන් විසින් මුස්ලිම්වරුන්ට හිංසා පිඩා කරමින් ඔහුන්ගේ ආගම ඇදහීම නිදහසට බාධා පමුණුවයි පවසමින් විදේශ රටවල තානාපතිවරුන් කොළඹ ටවුල්හෝල් අසල පිහිටි දවටගහ මුස්ලිම් පල්ලියට කැදවා ඒ හරහා මෙම පහරදීම් පිටිපස ගෝඨාභය රාජපක්ෂ ද සිටින බවට ඒත්තු ගැන්වීමට උත්සහ කලහ. මෙය පිටුපස සිටියේ කුමන බලවතා ද? link
- එපමණක් ද නොව කොළඹ 07 ටවුන්හෝල අසල පිහිටි දවටගහ පල්ලියේ භාරකාරත්ව මණ්ඩලයෙ සභාපති ලෙස කටයුතු කරනුයේ ද අසාද් සාලි ගේ සහෝදරයාය, ඔහු ගේ නම අල් හාජ් රෙයාස් එස් සාලේ ය ඔහුගේ සහයෝගය නිරන්තරයෙන්ම මෙවෙනි කාර්යය සඳහා අසාද් සාලේ ලබාගනි. එය පිටුපස සිටින්නේ කවර බලවතා ද? link
– Disruptive innovation Forum (DIF)
මොනවා වුණත් රංජන්ලා, ඥානුසාරලා මර්වින්ලා,අසාද් සාලිලා නිකම් හිස් බෙලෙක්ක.
ඥානසාරලා, අසාද් සාලිලා, රවුෆ් හකීම්ලා හිස් බෙලෙක්ක වෙන්න පුළුවන්.
නමුත් ඒවා ඩොලර් වලින් පුරවන්නේ “නෝර්වේ පිල්ලි” සහ දෙමල බෙදුම්වාදී ඩයස්පෝරාවෙන්.
mee paharaya bandala tiyanna onamai. ape sinhalayage iwaseema vadi ekai oka, Rahupakeem,
He will not get any votes other than YAMAPALANA NGO BUNCH
ජාතික හෙළ උරැමයේ සිටි අය විවිධ පක්ෂවලින් ඉල්ලා අද පාර්ලිමේන්තුවට පැමිණියේය. අන්තිමේදී පච රණවකත්, අතුරලියේ රතනත්, උදය ගම්මන්පිලත් පාර්ලිමේන්තුවේය. නිශාන්ත වර්ණසිංහ පළාත් සභාවේය. අන්තිමේදී වුණෙ කට්ටියක් අලියාගේ නැට්ටේ එල්ලී පාර්ලිමේන්තුවේය. අනිකා මහින්දගේ සාටකයේ එල්ලී පාර්ලිමේන්තුවේය. අන්තිමේ බැලුවහම මුළු හෙළ උරැමයම පාර්ලිමේන්තුවේය. අද විජේදාස රාජපක්ෂ නටන්නේත් අමුතුම ගේමකි. හාමුදුරැවන් හිරේ දාන්න භික්ෂු කතිකාවත් නීති ගෙනාපු විජේදාස අද සිංහලයින්ගේ ගැලවුම් කාරයායා.
අසාද් සාලි, විජේදාස, හෙළඋරැමය ඉන්නේ එකම බෝටිටුවේය.
Superb Evaluation. Well Done.
This should be published to read every citizen of Sri Lanka.
හලාල් ඉවත් කර ගැනීමට එරෙහිව කටයුතු කරන මෙන් දවටගහ පල්ලියේ ආගමික කටයුතු සඳහා පැමිණෙන මුස්ලිම් ජාතිකයන්ට නියෝග කරන ලෙස කියමින් අසාද් සාලි හසන් මවුලානාගේ ජංගම දුරකථනය වෙත කෙටි පණිවුඩයක් එවා තිබේ.
එහෙත් හසන් මවුලානා එම ඉල්ලීම සැලකිල්ලට ගෙන නැත. පසුව අසාද් සාලි හසන් මවුලානාට කිහිප අවස්ථාවකදී තර්ජනය කළ බව ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.
Asad Zali is one of the most dangerous Muslim politicians in Sri Lanka. He says he studied at a Buddhist school and Buddhists are his brothers. But inside him nothing much different to other Muslim extremists. Be careful………..
අසාද් සාලි කරපු කෙන්ගෙඩියක් නෑ මුං ඔක්කොම කරන්නේ පවතින ජනමතය කුමක්ද යන්න පලමුව තොරාගනි ඉන්පසු ඉට සහයොගය දෙන බවට ප්‍රකාශ කිපයක් නිකුත් කරනවා ජයග්‍රහණයට පසු අපි තමයි රජය පිහිටුවීමට කටයුතු කලේ ලියලා මොරදෙනවා එහෙම ජනමතයක් තිබේනම් මොහු පාර්ලිමෙන්තුවේ සිටිය යුතුයි එහෙම නෑනේ සමහර සිංහල පන්ඩිතයිනුත් කියනවා සුලුජාතික චන්ද වලින් තමයි බලයට ආවේ කියලා
අසාද් සාලි කරපු කෙන්ගෙඩියක් නෑ මුං ඔක්කොම කරන්නේ පවතින ජනමතය කුමක්ද යන්න පලමුව තොරාගනි ඉන්පසු ඉට සහයොගය දෙන බවට ප්‍රකාශ කිපයක් නිකුත් කරනවා ජයග්‍රහණයට පසු අපි තමයි රජය පිහිටුවීමට කටයුතු කලේ ලියලා මොරදෙනවා එහෙම ජනමතයක් තිබේනම් මොහු පාර්ලිමෙන්තුවේ සිටිය යුතුයි එහෙම නෑනේ සමහර සිංහල පන්ඩිතයිනුත් කියනවා සුලුජාතික චන්ද වලින් තමයි බලයට ආවේ කියලා