98 දි ඩුබායි ගුවන් තොටුපොළ අද කටුනායක වගේ.. ඩොලර් බිලියන පහට වඩා ආයෝජන කල නිසා අද ලෝකයේ කාර්‍ය බහුලම එක බවට පත්වෙලා..- ආර්ථික විශ්ලේෂකයන්

August 2, 2017 at 3:29 am | lanka C news
98 දි ඩුබායි ගුවන් තොටුපොළ අද කටුනායක වගේ.. ඩොලර් බිලියන පහට වඩා ආයෝජන කල නිසා අද ලෝකයේ කාර්‍ය බහුලම එක බවට පත්වෙලා..- ආර්ථික විශ්ලේෂකයන්

මහා පරිමාණ ආයෝජන ආණ්ඩුවක් ලෙස සිදු කිරිම හොද ද? නරකද? වඩාත් හොද ද? යන්න ලෝකයේ මහා පරිමාණ ව්‍යාපති හා යටිතල පහසුකම් සංවර්ධන ආයතනයක වන මැකින්සි සමාගම කරනු ලැබු විශ්ලේෂණයට අනුව එමිරේට්ස් ආණ්ඩුව ඩුබායි ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කිරීම හරහා අද ලබා ඇති දියුණුව මෙන්ම පැනමා ඇල සංවර්ධනය කිරිම සහ ජලයෙන් යටව තිබු නෙදර්ලන්ත සංවර්ධනය ඇතුළු උදාහරණ ගණනාවක්ම ගෙන හැර දක්වයි.

එමෙන්ම එම විශ්ලේෂණය අනුව සඳහන් කරනුයේ මහා පරිමාණ ව්‍යපති එක්තරා දුරකට අවදානම් ආයෝජන වුවද එය ආණ්ඩුවක් විසින් කරනු ලබන මහා පරිමාණ ආයෝජනයක් පමණක් නොව එය එම රටේ සමස්ථ ජනතාවගේ සමාජ සුභ සිද්ධිය මෙන්ම රටේ දල ජාතික නිෂ්පාදනය ද සැලකිය යුතු අයුරින් ඉහළ දමන ක්‍රියාවලියක් බවයි. Link

මෙහිදී ඔහුන් පෙන්වාදී ඇති එක උදාහරණයකි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, 1937 දි ඉතා කුඩා ගුවන් තොටුපොළක් ලෙස ආරම්භ කොට 1998 වනවිට මගීන් මිලියන 9.8 ක් සඳහා වාර්ෂික පහසුකම් සපයා 2008 වසර වනවිට ඇ.ඩොලර් බිලියන 5 කට වඩා ආයෝජන කිරීම නිසා මේ වනවිට ලෝකයේ අතිශය කාර්යය බහුලම ගුවන් තොටුපොළ බවට පත්ව ඇති අතර මේ වනවිට මගින් මිලියන 80 කට පහසුකම් සපයන එරටේ රැකියාවලින් 21% සපයා දෙන එමිරේට්ස් රාජ්‍යයේ වාර්ෂික දල ජාතික ආදායමෙන් 27% හිමිකර දෙන එමිරේට්ස් ආණ්ඩුව සතු ගුවන් තොටුපොළ බවට පත් ව තිබේ. Link

ශ්‍රීලංකාවේ කටුණායක ගුවන් තොටුපොළ 1944 දි ආරම්භ කලේ කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සංවර්ධනය කිරිමට විකල්පයක් වශයෙනනි. මේ වනවිට පසුගිය දා කරනු ලැබු සංවර්ධන සමඟ මගින් 9.7 කට වාර්ෂිකව පහසුකම් සපයන ගුවන් තොටුපොළක් බවට පත් කල අතර දීර්ඝකාලීන යුද්ධය නිසා තවමත් අපේ ගුවන් තොටුපොළ සිටින්නේ එදා 1998 ඩුබායි ගුවන් තොටුපොළ තිබූ ස්ථානයේ ය. එහෙත් නිසියාකාරව ව්‍යාපාර සැලසුමක් සකස් කොට ඒ සඳහා අවශ්‍ය ආයෝජන ආණ්ඩුව විසින් සිදු කලෝත් අනිවාර්යයෙන්ම ඩුබායි ගුවන් තොටුපොල අද ලබා ඇති දියුණුව තවත් වසර 20 ක් තුල ශ්‍රීලංකාව හිමිකර ගැනීමට හැකිය. Link

එහෙත් ඒ සඳහා කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කි මි. 245 දුරින් පිහිටි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කිරිම අත්‍යවශ්‍ය වනුයේ ලංකාව දූපතක් ලෙස ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ආසන්නයේ තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් තිබිය යුතු බැවිනි. එමෙන්ම එමිරේට්ස් ආණ්ඩුව තුල ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අමතරව කි.මි. 130 ක් දුරින් අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කොට ඇත.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු එම රජයේ දූර දර්ශි වැඩපිළිවෙළ තුල යුද්ධය අවසන් වූ විගස හම්බන්තොට වරාය, මත්තල ගුවන් ටොතොටුපොළ. කටුණායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරිම පමණක් නොව දකුණු අධිවේගය, කොළඹ වටරවුම් අධිවේගය සහ 1965 සිට ආරම්භ කොට මුල්ගල පැල වු කොළඹ කටුනායක එක්ස්ප්‍රස් වේ ආරම්භ කොට වැඩ නිම කලේය. කොත්මලේ විදුලි බලාගාරය කෙරවලපිටිය නොරොච්චෝලෙ මෙන්ම දැදුරුඔය මොරගහකන්ද වැනි මහා පරිමාණ වාරි කර්මාන්ත ආරම්භ කලේය.

එහෙත් මෙරටේ කිසිම අනාගත සැලසුමක් මෙන්ම ඉදිරියේදී ලෝකයේ ඇතිවන ඉල්ලුම පමණක් නොව රටේ ජනතාවගේ සුභ සිද්ධියට දායක වන ඉතා අමාරුවෙන් 30 වසරක යුද්ධයකින් පසුව ආරම්භ කොට නිම කල මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම කිසිම ඉවක් බවක් නැතිව පසුගිය රජයට දොස් පවරිමින් කුනු කොල්ලයට විදේශිකයන්ට විකුණා දැමීම ජාතික අපරාධයක් පමණක් නොව ඒ හරහා රටේ ජාතික ආරක්ෂාවත් තර්ජනයට ලක්වීම ඉතා භායනක ප්‍රතිඵලය ගෙන දෙන බව අනිවාර්යය වේ.

13,770 Viewers

One Comment to “98 දි ඩුබායි ගුවන් තොටුපොළ අද කටුනායක වගේ.. ඩොලර් බිලියන පහට වඩා ආයෝජන කල නිසා අද ලෝකයේ කාර්‍ය බහුලම එක බවට පත්වෙලා..- ආර්ථික විශ්ලේෂකයන්”

  1. රුවන් says:

    ඩුබායි ගුවන් තොටුපලට අමතරව al maktoum international airport ඉදි කරල තියනව 2010. මෙම ගුවන් තොටුපල ප්රමානයෙන් අති විශාල වන අතර ප්රධාන ගුවන්තොටුපලේ සිට අැත්තෙ කිලෝමීටර 100 ටත් වඩා අඩු දුරක්. මෙහි මූලික අරමුන එම ප්රදේශය අවට තියන කාර්මික නිශ්පාදන් පහසුවෙන් ගුවන් ගත කිරීම සහ ප්රධාන ගුවන් තොටුපල සමග එකාබද්ධව කටයුතු කිරීම. මත්තල හා al maktoum international airport අතර සමාන කම් ගොඩක් තියනව. එකම වෙනස ඩුබායි පාලකයන් එහි වටිනාකම අවබෝධකරගෙන තිබීම හා අපේ හරක් එහි වී ගබඩා කිරීම පමනයි.

Main News