අලුත් ව්‍යවස්ථාවට කඩේ යන NGO ගුරාලාටත් හොරෙන් මාධ්‍ය මර්දනය පනත ගෙනැත්.. මාධ්‍යවේදින් හිරේ යවනවා කියා NGO නඩයකටම පලිගහයි..

July 5, 2017 at 3:50 pm | lanka C news
අලුත් ව්‍යවස්ථාවට කඩේ යන NGO ගුරාලාටත් හොරෙන් මාධ්‍ය මර්දනය පනත ගෙනැත්.. මාධ්‍යවේදින් හිරේ යවනවා කියා NGO නඩයකටම පලිගහයි..

ආණ්ඩුව හොර රහසේම මාධ්‍ය මර්ධන කිරීමට අවශ්‍ය “ප්‍රවෘත්ති මාධ්‍ය තත්ව පිලිබඳ ස්වාධීන මණ්ඩල පනත” නමින් නව පනතක් ගෙනත් සියලු ප්‍රවෘත්ති නියාමනය කිරීමට කටයුතු කරන බවට සුනන්ද දේශප්‍රිය හා ලසන්ත රුහුනුගේ ප්‍රකාශ කර සිටියි.

මෙම නව පනත ගෙන ඒම පිටුපස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලන්සුරීය සිටින අතර එහි පිටුපස ආණ්ඩුවේ ප්‍රබල හස්තයක් සිටින බවට චෝදනා කරන මෙම දෙපල පවසනුයේ මේ සඳහා රාජ්‍ය නොවන සංවිධානයන් සහයෝගය ලබා දෙන බවයි.

මෙහි විශේෂත්වය වනුයේ මෙරටේ සිටින විශාල වශයෙන් ප්‍රතිලාභ ලබන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා වනුයේද සුනන්ද දේශප්‍රිය වීමයි. ඔහු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා ද වේ. එමෙන්ම ලසන්ත රුහුනුගේ “රාවය” පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ මෙන්ම මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට මහත් උත්සහයක් දැරු ජනමාධ්‍යවේදියෙකි.

වීඩියෝව මෙතනින්

100 views

One Comment to “අලුත් ව්‍යවස්ථාවට කඩේ යන NGO ගුරාලාටත් හොරෙන් මාධ්‍ය මර්දනය පනත ගෙනැත්.. මාධ්‍යවේදින් හිරේ යවනවා කියා NGO නඩයකටම පලිගහයි..”

  1. lalith says:

    උබලම බැහැල වැඩ කරලා පත්කරගත් ආණ්ඩුව දැන් උඹලගේ පස්සට ගහන්න හදනවා නේද

Main News