A-9 මගින් කිලිනොච්චියට ඇතුලුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට ..

April 16, 2020 at 8:56 pm | lanka C news
A-9 මගින් කිලිනොච්චියට ඇතුලුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට ..

කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාරගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂභීජහරනය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත.

අද (16) දින කිලිනොච්චිය දිස්ත්‍රීක්කයටද ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම වාහන හා පුද්ගලයින් කිලිනොච්චිය මුරුකණ්ඩි කෝවිල ආසන්නයේ ඒ-9 වීදියේදී මෙසේ විෂබීජහරනය කිරීමට පියවර ගෙන ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කය දැනට කොරෝණා ආසාදිතයින් වාරතා වී ඇති යාපනය දිස්ත්‍රීක්කයට යාබදව පිහිටා ඇති හෙයින් වයිරසය ව්‍යාප්ත වීම වැලක්වීමේ එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නංවා ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

104 views

3 Comments to “A-9 මගින් කිලිනොච්චියට ඇතුලුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට ..”

  1. Saman says:

    ඔය අතහෝදන්න දාල තියෙන සබන් කෑල්ලෙන් විෂබීජ යයි හැම තැනම

  2. නිළමේ says:

    හරිනු වෙන්න ඕන උතුරෙන් දකුණට එන වාහනයි විෂබීජ හරණයයි කී යුත්තේ,

  3. නිළමේ says:

    හරිනු වෙන්න ඕන උතුරෙන් දකුණට එන වාහනයි විෂබීජ හරණයයි කළ යුත්තේ,

Main News