විදුලි අර්බුදය : AC භාවිතය අත්හිටුවන්න යයි.. කැබිනට්ටුවට යෝජනාවක්..

January 23, 2022 at 2:10 pm | lanka C news
විදුලි අර්බුදය : AC භාවිතය අත්හිටුවන්න යයි.. කැබිනට්ටුවට යෝජනාවක්..

විදුලි කප්පාදුවක් සිදු නොකර විදුලි පරිභෝජනය අඩු කිරීම සඳහා වන යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව වායු සමීකරණ භාවිතය අත්හිටුවීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම, මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීමටද යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

අධිවේගී මාර්ග වලත් ප්‍රධාන මාර්ග වල විදුලි ලාම්පු නිවා දැමීමට යෝජනා කරන බවද සඳහන් කළේය.

ඉදිරි දින දෙක තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍යරයා තවදුරටත් කියා සිටියේය.

35,189 views

8 Comments to “විදුලි අර්බුදය : AC භාවිතය අත්හිටුවන්න යයි.. කැබිනට්ටුවට යෝජනාවක්..”

  1. ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කිරීමට කාළයයි,.! says:

    රටේ දේශගුණයට සරිළනළෙස සේ ඉතා උස් වළක් සහිත වූ අතීතයේ පැවති සාර්ථක ගෘහනිර්මාණ ශීළ්පය සමග, පහසුවෙන් සක්‍රීය සුළං ධාරා නිර්මාණය වන ක්‍රමවේදයකට සියළු රාජ්‍ය ආයතන ඇතුළුව සියළු ගොඩනැගිලි ප්‍රතිනිර්මාණය කිරීමට කාළයයි,.!

  2. Martial Law says:

    බලය සඳහා කුලල් කා ගනිමින් ඉන්න සජබ,ජවිපෙ, පොහොට්ටු, ශ්‍රීලනිප නරුම අවස්ථාවාදීන් 225 වෙතයි.
    වහාම නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජකයන්ට නියොග නිකුත් කරනු.රට පුරා රාජ්‍ය ආයතන, බැංකු,සුපර් මාර්කට්,පුද්ගලික ආයතන වල විදුලිය ගිල දමන AC යන්ත්‍ර විසන්ධි කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු. .එමගින් විශාල විදුලිය නාස්තියක් ඉතිරි කරගත හැක.තවද අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි එන්ජින් ධාරිතාව ඉහල වාහන ධාවනය තහනම් කරනු..නැතිනම් වින්ස්ක්‍රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.මේ පියවර කීපයෙන් පමණක් අනිවාරතේ සිදුවන දැවැන්ත විදුලිය සහ ඉන්ධන විනාශයක් වලක්වා ගත හැක. Jan 17.2022

    • Good News says:

      මේ වනවිට මේ අදහස් කැබිනට්ටුවට යෝජනා වී තිබේ.
      “විදුලි අර්බුදය : AC භාවිතය අත්හිටුවන්න යයි.. කැබිනට්ටුවට යෝජනාවක්” lankahotnews

  3. කැපුවත් පොහොට්ටුවට says:

    ඒ උනාට රාජපක්ෂ” ලා ගෙ ටොයිලට් වල තියන ඒසී එහෙම ඕෆ් කරොත් බලාගමු

  4. බන්ඩා says:

    peak hours වල හැම නිවසකම පැය තුනක් fridge freezes ඕෆ් කලා නම් වැඩේ හරි නේද?

  5. බන්ඩා says:

    peak hours වල හැම නිවසකම පැය තුනක් fridge freezes ඕෆ් කලා නම් වැඩේ හරි නේද? නමුත් අපේ උන් ජපානෙ වගේ දේශ මාමක නැහැ

  6. Sandun Dhammika says:

    දේශපාලනය කරන අය අපෙන් අහන්නේ දැන් සේපද කියල නේ. ඉතින් අපි දුකින් ඉන්න හොද නැහැ.
    අපේ සේපේ ඉන්න ඕනේ. ඔන්න දැන් දේශපාලනය කරන අය සහ රජයේ නිලදාරීන් A/C සේප අයින් කරනවලු අපිට current එක
    ඉතුර කරන්න. ගෙදර A/C එකක් නැත්තම් දැන් එකක් හයි කර ගන්න.

  7. රජයෙ සේවකයන් says:

    රජයෙ ආයතන වල වායුසමීකරණ නෙති කරන්න එපා ගෙදර වෙඩ ලමයි න් ගෙ වෙඩ ඔක්කොම කරල මහන්සි වෙලා වෙඩට එන්නෙ පොඩි ඩක් විවිවේකයක් ගන්න..
    ඒ කටනම් අකුල් හෙළන්න එපා,
    රජයෙ සේවකයන් ට එපාම කරපු දවස් 2ක තමා සෙනසුරාදා හා ඉරිදා

Main News