AIDS පැතිරීම වැළැක්වීමට වැඩසටහන්….

November 12, 2016 at 8:02 am | lanka C news
AIDS පැතිරීම වැළැක්වීමට වැඩසටහන්….

HIV/AIDS පැතිරීම වැළැක්වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇත. ෙමි පිළිබදව ජාතික ලිංගාශී‍්‍රත රෝග මර්දන වැඩසටහන විසින් ක‍්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් රාශියක් ෙවි.

දැනට HIV ආසාදනය මනාව පාලනය කල රටක් හැටියට ශ‍්‍රී ලංකාව සළකනු ලබන අතර, එහි ප‍්‍රවණතාවය ජනගහනයෙන් සියයට 0.03 පමණ ෙවි. එලෙස ප‍්‍රධාන අවදානම් කණ්ඩායම වන ලිංගික ශ‍්‍රමික කාන්තාවන්, පිරිමි සමලිංගිකයන් සහ එන්නත් මගින් මත්ද්‍රව්‍ය ලබාගන්නන් යන කණ්ඩායම් වල ද HIV පැවතීෙමි ප‍්‍රවණතාවය ද සියයට 1 කටත් වඩා අඩු ෙවි. මෙම තත්ත්වය තවදුරටත් අඩු කර ගැනීම සදහා අවශ්‍ය ක‍්‍රීයාමාර්ගයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව ජාතික ලිංගාශ‍්‍රීත හා ඒඩිස් රෝග නිවාරණ ව්‍යාපාරය මගින් සියළුම අංශ ආවරණය වන සේ වැඩසටහන් ක‍්‍රීයාත්මක කරයි. ඒ සදහා මධ්‍යම ආණ්ඩුවෙන් පමණක් මිලියන 600 ක් පමණ වසරකට වැය කෙරේ.

ඇස්තෙමින්තු අනුව ශ‍්‍රී ලංකාෙවි දැනට HIV ආසාදිතයන් 4200 ක් පමණ ජීවත් ෙවි. ෙමි වනවිට සොයාගෙන ඇති HIV ආසාදිත සංඛ්‍යාව 2502 ක් ෙවි. ඔවුන් අතුරින් 495 ක් මියගොස් ඇති අතර, සොයාගත් අයගෙන් දැනට ජීවත්වන සංඛ්‍යාව 2097 ක් පමණ ෙවි. ඒ අනුව ඇස්තෙමින්තු ගත ප‍්‍රමාණයෙන් සියයට 50 ක් පමණ සොයාගත යුතුව ඇත. මෙම සොයාගත් අයගෙන් ප‍්‍රතිකාර වලට යොමු වී දැනට ප‍්‍රතිකාරවල රදා පවතින්නේ 1000 ක් පමණ ෙවි. මොවුන්ගෙන් කොටසක් විදේශ රටවල ප‍්‍රතිකාර සදහා යොමු වී ඇති අතර, තවත් කොටසක් ප‍්‍රතිකාර මඟහැර සිටිී. මොවුන් සදහා ලබාදෙන ඖෂධ විශේෂඥ වෛද්‍යවරුන් විසින් නොමිලයේම රජයේ සායන වලින් ලබා දේ. HIV ආසාදිතයින් සදහා සිදු කරන පරීක්ෂණ ද නොමිලයේ රජයේ සායන වලින් සිදු කෙරේ.

එමෙන්ම HIV ඇතුලු ලිංගිකව සංපේ‍්‍රෂණය වන රෝග මර්දනය සහ ප‍්‍රතිකාර වලට රාජ්‍ය සහ පළාත් සභා වලින් රුපියල් මිලියන දහසක් පමණ වසරකට වෙන් කෙරේ. මෙයින් කොටසක් ගෝලීය අරමුදලෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන වලින් ලැෙබි.

HIV ආසාදිතයන් සොයා ගැනීමට නම් රුධිර පරික්ෂණයක් සිදු කළ යුතු වන අතර, HIV වෛරසය රුධිරයට ඇතුලුවීමෙන් පසුවත් අවුරුද්දකට වැඩි කාලයක් ගත වන තුරු දැනෙන තරම් විශේෂිත රෝග ලක්ෂණ ඇති නොවන නිසා ඒ පිළිබදව සැකයක් ඇතිවන සැම අවස්ථාවකම රුධිර පරික්ෂණයක් සිදු කළ යුතු ෙවි. 2015 වසරේ දී ්‍යෂඪ රුධිර පරීක්ෂණ 10,000  පමණ සිදුකර ඇති අතර, මෙම පරික්ෂණ තවදුරටත් වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විිසින් වැඩසටහන් රාශියක් සිදුකරමින් පවතී.

මවගෙන් ළදරුවාට HIV සම්පේ‍්‍රශණය වීමෙන් ද දැනට ළමයින් 80 ක් සොයාගෙන ඇත. මෙම තත්ත්වය තුරන් කිරිම සදහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය ෙමි වනවිටත් ගෙන සිදුකරමින්  යන අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සහතික කිරීම ද 2017 හෝ 2018 සිදු කිරීමට නියමිතය. ඒ අනුව සියළුම ගර්භනී මවිවරු HIV රුධිර පරික්ෂණවලට යොමු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය 2013 වසරේ සිට පටන්ගෙන ෙමි වනවිට සියයට 80 ක පමණ ප‍්‍රගතියක් ලබාගෙන ඇත. HIV ආසාදිත වන්නන්ගෙන් ළදරුවාට සම්පේ‍්‍රෂණය වීම ගර්භනී සමයේ හෝ ප‍්‍රසූතියේ දී හෝ මවිකිරීදීෙමි දී සිදුවිය හැකි සම්භාවිතාව සියයට 40 හෝ 50 වන අතර ගර්භනී අවස්ථාෙවි දී හෝ ඊට පෙර එම තත්ත්වයන් සහ අදාල සම්පේ‍්‍රෂණයන් ඖෂධ මගින් වළක්වා ගත හැක. මවගෙන් ළදරුවාට HIV සම්පේ‍්‍රෂණයවීම තුරන් කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක බොහෝ දුරට ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති අතර, එය සහතික කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යමින් පවතී. එමගින් සියයට 100 ක් HIV ආසාදනයෙන් තොර ළමා පරපුරක් ශ‍්‍රී ලංකාෙවි අනාගතයේ දී බිහි කළ හැක.

පසුගිය වසර කිහිපයේ දී HIV ආසාදිතයින් වාර්තාවීම දෙස බැලීෙමි දී 2010 වර්ෂයේ 121 ක් ද, 2011 වර්ෂයේ 146 ක් ද, 2012 වර්ෂයේ 186 ක් ද, 2013 වර්ෂයේ 196 ක් ද, 2014 වර්ෂයේ 228 ක් ද, 2015 වර්ෂයේ 235 ක් ද, 2016 සැප්තැම්බර් මස වනවිට 193 ක් ද ෙවි.

ශ‍්‍රී ලංකාෙවි HIV සම්පේ‍්‍රෂණය සියයට 95 ක් පමණ  සිදුවන්නේ අනාරක්ෂිත ලිංගාශ‍්‍රීත සම්බන්ධවලින් නිසා එසේ වැඩිපුර එම ක‍්‍රියාවන්ගේ යෙදෙන අය වන කාන්තා ලිංගික ශ‍්‍රමිකයන්, පිරිමි සමලිංගික සේවයේ යෙදෙන අය සහ මත්ද්‍රව්‍ය එන්නත් මගින් ලබාගන්නා අය සදහා වැඩිපුර වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසහන් රාජ්‍ය නොවන සංවිධාන හා එක්ව සිදුකෙරේ. මෙහිදී ඔවුන් කොන් කිරීම වැළැක්වීම සදහා ද වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ. එහිදී ඔවුන් HIV පිළිබදව දැනුවත් කිරිම, සායනවලට ගෙන්වා ගැනීම, ඔවුන් HIV සදහා පරීක්ෂා කිරීම, උපදේශණය කිරීම, හදුනාගත් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සහ පසු විපරම් කිරීම, ඔවුන්ට අවශ්‍ය කොන්ඩම් නොමිලේ ලබාදීම. පොලීසිය හා ත‍්‍රීවිධ හමුදාව ඇතුළු කණ්ඩායම් පුහුණුකරුවන් ලෙස පුහුණුකර එමගින් එම ක්ෂේත‍්‍රවල සේවයේ යෙදෙන කණ්ඩායම දැනුවත් කිරිම ක‍්‍රමවත්ව සිදුකෙරේ.

තව ද දැනට වාර්තා වී ඇති HIV ආසාදිතයින්ගෙන් සියයට 40 ක් පිටරටක කුමන හෝ රැකියාවක නියුතු වී ඇත. එම නිසා පිටරට රැකියා සදහා යන පිරිස් සදහා පුහුණු වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලද අතර, එය ෙමි වසරේ දී යාවත් කාලීන කර පුහුණුකරුවන් පුහුණූ සිදු කරන ලදි. එම පුහුණුවට අදාල සීඩි තැටි ලබාදීමට ද පියවර ගෙන ඇත. වැඩිහිටි පාසල් ළමුන්, විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීම ද නොකඩවා සිදුකරමින් පවතී. මෙම වැඩසටහන් දිවයින පුරා පිහිටි ලිංගාශි‍්‍රත සායන 30 ක් සහ ශාඛා සායන 20 ක් මගින් සිදුකෙරේ. මෙම දිස්ත‍්‍රීක් සායන සදහා දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍යවරු 16 ක් පත් කර ඇති අතර, ඉදිරි වසර 02 තුල සියළුම සායන සදහා විශේෂඥ වෛද්‍යවරු පත්කිරිමට හැකිවනු ඇත.

2030 දී ලොකයේ ඒඩිස් අවසන් කිරීෙමි වැඩපිළිවෙලක් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධිත සැළැස්ම යටතේ ප‍්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් අදහස් කරන්නේ ජීවත්වී සිටින එචි.අයි.වී ආසාදිතයින් සියයට 90 ක් සොයාගැනීමත්, සොයාගත් අයගෙන් සියයට 90 කට ප‍්‍රතිවෛරස ඖෂධ ලබාදිමත්, ඖෂධ ලබාදෙන අයගෙන් සියයට 90 කගේ රුධිරයේ HIV සාන්ද්‍රණය අවම කර ගැනීමත් යන ඉළක්ක 2020 දී ලගා කර ගැනීෙමි දී HIV ආසාදිතයින් ඒඩිස් තත්ත්වයට පත්වීම වැළැක්වීමෙන් ඒඩිස් 2020 දි ලෝකයෙන් තුරන් කිරිමය. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්නායකයන් ඉදිරිපත් කර ඇත. එම නිර්නායකවලට  2025 දී ශ‍්‍රී ලංකාව ලඟාවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇත. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහත ක‍්‍රියාමාර්ග ගනු ලබයි.

– නිපුන් ඒකනායක

46 views
Main News