ALIT සමාගම චීනයේ තිබෙනවා.. අතුරුදහන් වී නෑ..- ජනාධිපතිට තොරතුරු දුන් බව කියූ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු කියයි..
September 20, 2019 at 10:40 am | lanka C news
කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම සඳහා ගිවිසුම් ගත වූ සමාගමක් වන ALIT සමාගමේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කරන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් 2018 වසරේ දී කල දැනුම්දීමක් අනුව තමන් එම සමාගම පිළිබඳ තොරතුරු සෙවුවද එම ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව හෙළි වූ බවත්ය.
එසේ නමුත් මහත් පරිශ්‍රමයක් යොදා පසුව එම සමාගම පිහිටා ඇති ස්ථානය සොයාගත් බවත් එම සමාගම නෙළුම් කුළුණ ඉදිකිරීමේ ව්‍යාපෘතියට තවදුරටත් සම්බන්ධ නැති බවත් දැන් වූ බවත් ඔහු නිවේදනය කර ඇත.
නෙළුම් කුළුණ ඉදිකිරීමේ දී රුපියල් කෝටි 200ක මුදලක් අතුරුදන් වූ බවත් එම මුදල ලබාගත් චීනයේ සමාගමද අතුරුදන් වී ඇති බවටත් ජනාධිපතිවරයා සඳහන් කළේ චීනයේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම ස්ථානයට යවා පරීක්ෂා කිරීමෙන් පසුව බව නෙළුම් කුළුණ විවෘත කරමින් සඳහන් කළේය.
ග්‍රාමසේවක කම කරගන්න බෑරිඋන 8 පාස් එකාට බූරුවො ලක්ශ 62 චන්දය දීල ජනාදිපති කලාම මීටවෑඩි දෙයක් ජනතාවට ලෑබෙයිද?
මේකා එච්චම ගොනෙක් ද? ඉස්සර ගමේ පියුන් වගේ ලිපිනයට ගිහින් හොයන්න ? මූට මොලේ කලදක් වත් නැතිද ? Google කොරලා ගහපන් email එකක්, විශ්වාස නැතිනම් පල ඊට පසුව