ATM යන්ත‍්‍රයට දමන්න ගෙනා හය කෝටියක් සමග රියදුරා පැන යයි…

November 2, 2021 at 12:40 pm | lanka C news
ATM යන්ත‍්‍රයට දමන්න ගෙනා හය කෝටියක් සමග රියදුරා පැන යයි…

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටි.එම් යන්ත්‍රයට (01) දින බැර කිරිමට වැන් රථයකින් රැගෙන පැමිණි රු හය කොටි හැත්තැහතර ලක්ෂ දහ නව දහසක මුදලක් රැගෙන පලා ගිය වැන් රථයේ රියදුරා  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දි ඇත.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ඒ.ටි.එම්.යන්ත්‍රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර,(01) දින පස්වරු 1.50 ට පමණ සැකකාර රියදුරා සමග එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාව වෙත වැන් රථයෙන් පැමිණ ඇත.

ආරක්ෂක නිලධාරියා සහ අදාල නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්තාවේ වැන් රථයේ රැදි සිටි රියදුරා වැන් රථය රැගෙන පලාගොස් ඇති බවයි එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරයා විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත.

එම වැන් රථයේ සවි කර තිබු ජි.පි.එස් යන්ත්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබදව හැටන් පොලිසියේ නිලධාරින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දිමෙන් අනතුරුව සැකකරුව නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පට්පොල ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (01) දින පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පට්පොල පොලිසිය වෙත භාර දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වන නිසා සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය හැටන් පොලිසියට (01) දින රාත්‍රියේ භාර දි ඇත.

(42) හැවිරිදි සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ලද හැටන් පොලිසිය දැනට කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

48,946 views

3 Comments to “ATM යන්ත‍්‍රයට දමන්න ගෙනා හය කෝටියක් සමග රියදුරා පැන යයි…”

  1. Saleem says:

    කොයි මෝඩ බොසාද හය කෝටියක් ATM එකේ දාන්න ඩ්‍රයිවර් අතේ යවන්නෙ? එළි වෙනකං දාන්න වෙයි. බොසා ටිකක් හොයල බැලුවොත් හොඳයි අහිංසක ඩ්‍රයිවර් තවම යන්ත්‍රයට නෝට්ටු කවමින් ඉන්නවද කියල

  2. කෝපායි says:

    රියදුරා බිය නොවිය යුතුයි, මන්ද සෙන්තිල් තොන්ඩමාන් පැමිණ නිදහස් කර ගනු ඇත.

  3. Felix says:

    News is incomplete. Needs to add that the suspect fellow is an Army deserter.

Main News