BOC වසා දමයි..

December 15, 2020 at 6:30 pm | lanka C news
BOC වසා දමයි..

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු සිටිම නිසා නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ලංකා බැංකු ශාඛාව (15) දින සිට තාවකාලිකව වසා දමා එහි කලමණාකාරවරයා ඇතුළු කාර්යය මණ්ඩලයේ 23 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කල බව  පස්බාගේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන ‍සෞඛ්‍යය පරික්ෂක නුවන් කැකුලන්දර මහතා පැවසිය.

එම බැංකු ශාඛාවේ සේවය කරන අයකැමි කාන්තාවකගේ  සැමියාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම අසාදිතයා (14) දින අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.

අයකැමි කාන්තාව ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්,ඇයගේ පවුලේ සමාජිකයන්ද ස්වයං නිරෝධානයට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් යොමු කර ඇති බවයි නුවන් කැකුලන්දර මහතා කියා සිටියේ.

බැංකුවේ සියළුම සේවකයින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර එම පි.සි.ආර් වාර්තා ලැබිමෙන් පසු බැංකු ශාඛාව විවෘත කිරිම සම්බන්ධයෙන් තිරණයක් ගන්නා බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

මේ අතර ලංකා බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමිමත් සමග එම බැංකුවේ ඉහල කලමණාකාරිත්වය විසින් ගණුදෙනු කරුවන්ට අපහසුතාවයක් නොවන පරිදි බැංකු ශාඛාවේ ජංගම සේවයක් නාවලපිටිය දුම්රිය ස්ථානය අසල බැංකුව විවෘත කරන තෙක් පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

70,099 views
Main News