BOI සභාපති ඉල්ලා අස්වේ..

December 1, 2020 at 12:40 pm | lanka C news
BOI සභාපති ඉල්ලා අස්වේ..

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ මහතා පසුගිය වසරේ දී මෙම තනතුරට පත් කරන ලදී.

තමන් මෙම තනතුරු භාර ගනු ලැබුවේ එක් වසරක් සඳහා බවද පවසන සුසන්ත රත්නායක මහතා තමන් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉල්ලා අස් වූ බව ද සඳහන් කරයි.

ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා යැවූ බවත් ඔහු කියා සිටියි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ සභාපති ධුරයද සුසන්ත රත්නායක මහතා විසින් කලින් දරන ලදී.

54,432 views

10 Comments to “BOI සභාපති ඉල්ලා අස්වේ..”

  1. Truth says:

    Rats are jumping from the sinking pohottu ship!!

  2. ක්‍රිමිනල් says:

    ගිලෙන නැවෙන් මීයො එකා දෙන්නා පනිනවා කියහංකො !😏

    • ගයාන් says:

      තව චන්දයක් තියල බලමුද ගිලෙන නැව මොකද්ද කියලා?! සජියට දිදී හැමදාම පරදින නිකම්මු!

      • ක්‍රිමිනල් says:

        ඔව් ඔව් බලාගන්න පුළුවන් අද හෙට මීහරක් ප්‍රජාවගේ අඩූවීම. 😂😂😂

    • Angora Buva says:

      මේකෙ නිකන් එකා එකා වෙනුවෙන් තුට්ටු දෙකට කොට කොටා ඉන්න එකේ නරකද ඔය vacancy එකට try කලානම්…😀😃😃😃

  3. lotus says:

    BOI / ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූර තනතුරට derana DILITH පත් කරනු

    • ක්‍රිමිනල් says:

      හොද අදහසක් ! බීක් බීක් තුමා හොදයි !

  4. Alex Sene says:

    දිලිත් ටත් බඩ පිරෙන්නම දීපු එකෙ නරකද ඕක රේනෝ මහත්තයට දින්න නම්?? එයාටත් මොනව හරි දෙන්න එපැයි කඩේ ගිය විදිහට

  5. Buddhist says:

    He knew with the proposed black money legislation he knew he will have to face US embargo so he resigned. Smart move.

  6. Mahesh says:

    නරකද රෙනෝට සභාපති කම දිලා සනත්ව උප තනතුරට දැම්මා නම්….

Main News