Breaking News : හෙට රට පුරාම ඇදිරි නීතිය පනවයි.. ඉවත් නොකෙරේ..

April 26, 2020 at 8:25 pm | lanka C news
Breaking News : හෙට රට පුරාම ඇදිරි නීතිය පනවයි.. ඉවත් නොකෙරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට දිනයේද රටපුරාම ඇදිරිනීතිය පනවන බව රජය දැනුම් දී තිබේ.

ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය 28 වන අඟහරුවාදා අලුයම 05.00 ඉවත් කර එදිනම රාත්‍රි 08.00 යළි ක්‍රියාත්මක කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ බව නිවේදනය කර ඇත.

දැනට නිවාඩු ගොස් සිටින ත‍්‍රිවිද හමුදා නිලධාරීන් සියලු දෙනාම නැවතත් තම කඳවුරු වෙත කැඳවීම පහසුවන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විටත් සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන ලෙස අත්හිටුවා ඇත.

ඔවුන්ට හෙට දිනය ඇතුළත සිය කඳවුරු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.

922 views

25 Comments to “Breaking News : හෙට රට පුරාම ඇදිරි නීතිය පනවයි.. ඉවත් නොකෙරේ..”

  1. Kalana says:

    Curfew ayin karanna hadissi unaa wedi nisayi, ayemath ohoma karanna une… Sathi 2k iwasala, thathwe therum nogaththu eka, Dhen 1.5 months withara inna wenawa ayemath
    Army ekata awabodhayak nee meke dharunu kama, ekayi aarakshaawak nethiwa hesirilaa thiyenne, Leave dhunne. E minissunwa denuwath karanna weda piliwelak geniyanna.
    Decision ganna wate inna ungen parissam wenna.

  2. අබිලිං ආතා says:

    ඇග තියන එවුන්ට මොලේ නැහැ..මොලේ තියන එවුන්ට ඇගත් නෑ තරුත් නෑ..නැමෙන තරම අනුව තමයි තනතුර තීරණය වෙන්නේ. Who කියපු කොරෝනා test කරන්න කියන්න එක තේරුම් ගත්තේ වැරදියට. දැන් ගලේ පහරපු බලලා වගේ.

Main News