CCTV ගැලවූ කැළණි සරසවි සිසු තගාලා 30කගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අහෝසියි..

February 27, 2020 at 3:50 pm | lanka C news
CCTV ගැලවූ කැළණි සරසවි සිසු තගාලා 30කගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අහෝසියි..

කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල ගලවා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව සිසුහු තිස් දෙනෙක් හඳුනාගෙන ඇතැයි උපකුලපති මහාචාර්ය ඩී. සේමසිංහ පැවසීය.

මෙලෙස හඳුනාගත් සිසුන් අවම වශයෙන් දෙවසරක ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමකට ලක් කරන බවත් උපකුලපතිවරයා සඳහන් කරයි.

මෙලෙස සිසුන් හඳුනාගැනීමට හැකි වී ඇත්තේ ඇසින් දුටු සාක්ෂි අනුව මෙන්ම සීසීටීවී කැමරා සටහන් අනුවය.

එම සිසුන් සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පරිපාලන අංශ පියවර ගනිමින් සිටියි.

මාර්තු මස 9 වැනිදා නවක සිසුසිසුවියන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එම සැලසුම් කඩකප්පල් කර වත්මන් උප කුලපතිවරයා කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමේ උත්සාහයක් මෙම සිද්ධිය පිටුපස ඇති බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

දැනට පුරප්පාඩු වී පවතින උපකුලපති ධුරය ලබා ගැනීම සඳහා දැඩි උත්සහයක නිරතව සිටින පිරිසක් සිසුන් පොලඹවන්නට ඇතැයි ද පරිපාලන අංශ සැක පළ කරයි.

මෙම සී.සී.ටී.වී. ගලවා ඉවත් කර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවසය. විශ්වවිද්‍යාලයට මෙම කැමරා පද්ධතිය සවි කිරීමට පරිපාලන අංශ පියවර ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. එම කැමරා ඉවත් කරන ලෙස මහා ශිෂ්‍ය සංගමය පරිපාලන අංශවලින් වරින් වර ඉල්ලීම් කළ නමුත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට අවශ්‍ය හෙයින් එම කැමරා ඉවත් කිරීම පරිපාලන අංශ ප්‍රතික්ෂේප කර තිබිණි.

– aruna

215 views

32 Comments to “CCTV ගැලවූ කැළණි සරසවි සිසු තගාලා 30කගේ ශිෂ්‍ය භාවය දෙවසරකට අහෝසියි..”

  1. mali says:

    srilanka is the only country in the world giving everything free to university students.My son studying in a western country but he has rights to that country.we are paying his tuition fees to the university as the local citizens as well as everyone need to pay for hostels.No one gets a mahapola like sholarships but student loans, which need to be paid back.If you are well intelligent you can sit for the university scholarship exam and get everything free but this is limited to a one person per year.here everything free but we do not get good quality graduates but thugs and sex perverts and who want to strike and rallying everyday instead of learning and contributing to the nation.

    • bandu says:

      THAT IS BECAUSE IN SRILANKA ALL THE CORRUPT POLITICIANS CLOSE TO 1000 CREAM OFF ALL THE MONEY & THERE IS NOTHING LEFT TO OTHERS

  2. mali says:

    So give them maximum punishment may be 3/4 years suspension of courses due to sabotaging national property.This law should be applied to everywhere on the roads railways buses as well as to every public property.Then people have the desire to protect national thing as they are our own.

  3. ඇත්ත යථාර්ය says:

    මෙම කාලකණ්ණින්ට උපරිම දඩුවම් දියයුතුයි

  4. මුන් අරන් ගිහින් දාලා හාමු නේද? says:

    මුන් අරන් ගිහින් දාලා හාමු නේද? මි හරක් කැම්පස් ඇවිල්ල. මේවා අපේ බදු සල්ලි.

  5. gorilla says:

    ඉස්සෙල්ලා මුංව හුරතල්කරන විශ්වවිද්‍යාලයේ පරිපාලනය එලවල ඉන්න ඔනේ. අවුරුදු 2 කියන්නේ මුන්ට නතින්. මුං කොහොමත් කාලකන්නි. අවුරුදු 2 පස්සේ මුං ශිෂ්‍යවීරෙයෝ වෙනවා.විශ්ව විද්‍යාලයේ සිකුරුටිලත් එලවන්න ඔනේ. පිං පඩි කකා මේව වෙන්න ඇරියට.යකෝ මේ ජනතාවගේ බදු මුදල්. අපි දුක් මහන්සිවෙල හම්බකරන සල්ලිවලට බදු ගහල ගන්න ඒවා.

  6. මි හරක් කැම්පස් ඇවිල්ල says:

    රජයේ දේපළ හානි කළ අයට වෙනම දඬුවම් තිබෙනවා නේද?
    ඇප නැතුව බන්ධනාගාරගත කරන්නේ දේශපාලනයට සම්බන්ධ අය විතරද?
    මේ කණ්ඩායම ට එම නිතිය අනුකූල නැද්ද?

    බරපතල ප්‍රශ්ණ

    • Boo says:

      Agree 100%. Why two different rulings for two different groups? Banning studentship for 2 years is only the punishment for breaking university discipline. Damaging public property is a different charge and should punish separately through common law via police department.

  7. Nuwang says:

    මමත් මේ Campus එකේම තමයි ඉගෙන ගත්තෙ. දැනට අවු 10කට පෙර. එදත් අදත් මේ ශිෂ්‍ය සංවිධාන සිදුකරන විනාශ එක වගේමයි වෙනස් වෙලා නෑ.. මගේත් ගොඩක් යාලුවො ඒකාලෙ හිටිය, දේශපාලන පිල්වලට බෙදිල, අධ්‍යාපන අමතක කරල අනෙක් අයත් වලට ඇදල දමන උං,…

    මේක හොඳ තීරණයක්, අවු4ක් දෙන්න ඕන. කැමරා දමල හොඳට Monitor කරන්න ඕන..
    එදා අපිත් මේ වලට වැටුන නම් , අද ඉන්න තැන හිතාගන්න තිබුන, ..හොඳවෙලාවට මගේ පිනක් තිබුන… මුං කියනේ අහල කාලකන්නි උනේ නෑ

Main News