CCTV පැහැදිලි නෑ.. ප‍්‍රභූ පුතෙක් නෑ.. කිසිවෙක් තාම අත්අඩංගුවට ගෙන නෑ.. – සමාජ ශාලා ගැටුම ගැන පොලීසිය හොදටම නමයි..

October 12, 2016 at 9:20 am | lanka C news
CCTV පැහැදිලි නෑ.. ප‍්‍රභූ පුතෙක් නෑ.. කිසිවෙක් තාම අත්අඩංගුවට ගෙන නෑ.. – සමාජ ශාලා ගැටුම ගැන පොලීසිය හොදටම නමයි..

පසුගිය සිකුරාදා රාත්‍රි 2 කට පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයකු ඊයේ වන විටත් අත්අඩංගුවට ගැනිමට නොහැකි වී ඇතයි පොලිසිය ඊයේ පැවසීය.

මෙහිදී පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් කට උත්තරයක් සටහන් කරගත් බව පවසන පොලීසිය සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ මෙන්ම සී සී ටිවි කැමරා දර්ශන පරික්ෂා කල අතර එහි විශේෂිත පුද්ගලයකු සම්බන්ධ වී ඇති බවට සටහන් වී නොමැති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම පොලිසිය පවසා සිටියේ පහරකෑමට ලක් වූ පුද්ගලයාට පහරදුන් පුද්ගලයින් හදුනාගැනිමට නොහැකි වි ඇතැයිදා එහෙයින් මේ සම්බන්ධයෙන් තවදුරත් පරීක්ෂණය පැවත්වෙන බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉහලම ප‍්‍රභූ පුත‍්‍රයෙකු සහ ප‍්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරින් කිහිපදෙනෙකුට මෙන්ම ගනේමුල්ල ප්‍රදේශයේ පතාල නායකයකු මෙන්ම ප‍්‍රභූ පුතාගේ නෑයකු වන ඩයස් නැමැත්තා මෙම ප්‍රහාරයට සම්බන්ධ බව සමාජ වෙබ් ජාල අතර ප්‍රචාරය වී තිබුනි

මේ සම්බන්ධයෙන් තවත් වාර්තාවක සඳහන් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙතෙක් තම පුත් දහම් සිරිසේනට ලබාදි තිබු ආරක්ෂක සේවය ඉවත් කල බවයි.

10 views

8 Comments to “CCTV පැහැදිලි නෑ.. ප‍්‍රභූ පුතෙක් නෑ.. කිසිවෙක් තාම අත්අඩංගුවට ගෙන නෑ.. – සමාජ ශාලා ගැටුම ගැන පොලීසිය හොදටම නමයි..”

  1. රන්බණ්ඩා says:

    කෝ…මේ…යුක්තිය ඉටුකොරනවායැයි පහුගිය දවස්වල බෙරිහන් දුන්නු පූජිත?

    • Boo says:

      හරි හරි ඉතින් පුජිත යුක්තිය ඉෂ්ඨ කරනවා කිවුවේ කාටද කියල හරියටම කිවුවේ නැහැනේ. එයා වෙලාවට එයා විසින් පස්ස ලෙවකන මැරයින්ට යුක්තිය ඉෂ්ඨ කරයි.

  2. Lal says:

    Please send the cctv footage to ministers Rajitha or Ranjan They are world experts in identifying blurred cctv footages.

  3. bathkanaeka says:

    See daham is innocent. This is planed propaganda crafted by Mr.Wimal Weerawansa and his alies. ARREST him! After sending this unclear CCTV films for analyze it content , it reviled that some part of the footage clearly identify the former Presidents son ,YOSHITH in it.

  4. Alapaluwa says:

    හරි හරි මේ Clip එකේ ඉන්නේ බුතයෝ වගයක් මිනිස්පුලුටක් වත් මට පෙනෙන්නේ නැ.කවුද මේ බොරුකතා පතුරවන්නේ නම දාපුඑකාටත් ලැජ්ජයි දහම් මයිත්‍රී නමෙන් මුන් බහුද්ද වුනාට ක්‍රියාවෙන් නම් මේවගේ වසලයෝ ටිකක් මම දැක නැ.

  5. Notthischange says:

    Rajithata pennuwanam hari. Loke purama yawalath Thajudeen ge CCTV penune na. Eth mu dakkane…

  6. Godaya says:

    Rajithata deela kanadawe yawamu.

  7. කැකිල්ලේ රජතුමා says:

    ජනාදිපති තුමාගේ පුතාට එරෙහිව මෙවැනි පදනම් විරහිත චෝදනාවක් විපක්ෂ මන්ත්‍රීන්ට කල හැකිව තිබෙන්නේ CCTV දර්ශන පැහැදිලි නොමැති නිසාය . එබැවින් මෙම සිද්දියෙදී ප්‍රදාන වරදකරු වන්නේ CCTV පද්දතිය සවිකළ පුද්ගලයයි . ඔහුව වහාම අත්අඩංගුවට ගන්න

    මීට කැකිල්ලේ රජතුමා

Main News