CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා..- කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි

February 27, 2020 at 10:40 am | lanka C news
CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා..- කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි

කැලණිය විශ්ව විද්‍යාලයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධති ගලවා දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සිදු කර ඇත.

එම කැමරා පද්ධති මගින් පාලනාධිකාරිය විසින් සිසුන්ගේ සංවිධානගත වීම නිරීක්ෂණය කරන බවද සංගමයේ සභාපති හිමියන් සඳහන් කළහ.

සිසු අරගලවලට නායකත්වය දෙන සිසුසිසුවියන් එමගින් හඳුනාගත හැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම සීසීටීවී කැමරා පද්ධති මගින් සිදුකරන්නේ තොරතුරු රැස් කිරීම මිස ආරක්ෂාවට තහවුරු කිරීමක් නොවන බවද සංගමයේ අදහසයි.

එම ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති පැහැදිලි කිරීම මෙසේය.

CCTV වලට විරුද්ධ ඇයි.

මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලය පිලිබදව සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා විශාල අසත්‍ය ප්‍රචාර රාශියක් සංසරණය වෙමින් පවතී. නමුත් හැමදාමත් වගේ මේ රටේ පාලකයන් කලේ මාධ්‍ය යොදාගෙන සැබෑ ප්‍රශ්න මහ ජනතාවගන් වසන් කිරීම‍යි. එබදු මොහොතකත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අප ආරක්ෂක කැමරා සවිකිරීමට විරුද්ධව ක්‍රියා කරන්නට හේතු ගණනාවක් තිබේ.

විශේෂයෙන්ම මෙහිදී ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳව නිසි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වේ. ආරක්ෂාව යනු වෙන්න නියමිත කරදරයක් කලින් දැනගෙන වෙන්න පුලුවන් දෙයින් වැළකී සිටීමයි. නමුත් CCTV සවිකිරීමෙන් වීමට නියමිත දෙදෙයින් වැළකී සිටීමට භාවිතා කළහැකි ද යන්න විමසිය යුතු වේ. සාමාන්‍යයෙන් CCTV භාවිතා කර සිදුකරනු ලබන්නේ සිද්දියක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස් කර ගැනීමයි. එබදු තත්ත්වයක සිට විශ්වවිද්‍යාල තුළ CCTV සවිකිරීම තුළින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන බව පෙනීයයි. ඒ මොකද දෙයක් සිදු වූ පසු ඉන් ලැබිය යුතු හානියත් ලැබී ඉන් ලැබෙන ආරක්ෂාවක් නොමැති නිසාය.

අනෙක් අතට CCTV සවිකිරීම තුළින් සිසුන් මර්දනය වන්නේ කෙසේද යන්න මෙසේ විමසීය යුතුය. ඒ අන් කරුණක් නිසාවත් නොව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස අපහට මුහුණ දීමට සිදුව ඇති අධ්‍යයන සුබසාධන ගැටලු ගැටලු රාශියක් මේ වන කොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ උද්ගතව ඇත. එම සුභසාධන ගැටළු විශ්වවිද්‍යාල පරිපාලනයට අප ලිඛිතව දැනුම් දෙන අතර ඒවාට පිළිතුරු නොමැති විට අපට සිදු වනුයේ අයිතීන් දිනාගැනීමට අරගල කිරීමයි. එහිදී එම අරගල සිදු කරන විට විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක කැමරා සවිකිරීම තුලින් එම අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් කරන්නේ කුමක්ද ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද යන්න විශ්ව විද්‍යාලයක් පරිපාලනයට ලබා ගැනීමට කටයුතු කරයි. ඉන්පසු ඒවා යොදා ගෙන පරිපාලනය සිදු කරනුයේ එබඳු අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් සඳහා පන්ති තහනම් කිරීම්, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් ආදිය ලබා දී මර්දනය කිරීමයි.

ශිෂ්‍ය නායකයින් පමණක් නොව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ආරක්ෂක කැමරා සවි කර ඇතිවිට පොදු ශිෂ්‍යයන් හට එකතු වීමට ඇති අයිතිය සංවිධානය වීමට ඇති අයිතිය වැළකේ. එයට හේතුව නිතරම ශිෂ්‍යයන් පිළිබඳව පරිපාලනය සීසීටීවී උපයෝගී කරගෙන ඇහැ ගහගෙන සිටීමයි. එම හේතුව නිසාවෙන් ශිෂ්‍යයන්ම ස්වයං මර්දනයකට ලක් වනු ලැබේ. තවද උදාහරණයක් ලෙස බස් එකක “මෙහි සීසීටීවී ක්‍රියාත්මක වේ” යනුවෙන් ගසා ඇති විට අඩුම තරමේ යන මගීන්ට නිදා ගැනීමට හෝ ඇති අයිතිය ද නැති වී යයි.එයට හේතුව නිතරම තවත් පුද්ගලයකු තමන් දෙස ආරක්ෂක කැමරා හරහා බලා සිටින නිසාවෙනි. එම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස විශ්වවිද්‍යාල තුළ සීසීටීවී සවි කිරීමට යාම සම්බන්ධව විරුද්ධ වනුයේ ඉහතකී ආකාරයට මර්දනය ගෙන එන නිසාවෙනි. තවද විශ්වවිද්‍යාල පරිශ්‍රය පමණක් නොව ඉන් පරිබාහිර සමාජය තුළ ද ආරක්ෂක කැමරා සවි කිරීම තුළින් මෙලෙසම මිනිසුන්ට මර්දනය ගෙන එන බව අමුතුවෙන් කිව යුතු නැත.

එම නිසාවෙන් විශ්වවිද්‍යාල සිසුන් ගැවසෙන ස්ථානවල හා ශිෂ්‍යයන් නිතර යන එන ස්ථානයන්හි සීසීටීවී සවිකිරීම සම්බන්ධව විරුද්ධ වන අතර ඒ අන් කවර කරුණක් නිසාවත් නොව ඉහත ආකාරයට පරිපාලනයට අවශ්‍ය මොහොතේදී මර්දනය ගෙන එන නිසාවෙනි.

මහා ශිෂ්‍ය සංගමය
කැළණිය විශ්ව විද්‍යාලය

560 views

49 Comments to “CCTV වලින් ඇති ආරක්‍ෂාවක් නෑ.. සිසුන්ගේ රහස් හෙලි වෙනවා.. එනිසා ගලවා දැම්මා..- කැළණියේ ශිෂ්‍ය සංගම් සභාපති හිමි”

  1. Kgs basnayake says:

    this is really an idiocy this is a shame to whole university students. universities are not for revolution it’s to create professionals. sri Lanka’s whole university system is in array

  2. cw says:

    De robe him, lock up and throw the key away.

  3. Rohan says:

    Menna mun elawanna one sasanen. Kalisama

  4. kumara says:

    ‍ම‍හජ‍න‍ මු‍ද‍ලින්‍ ‍ඉ‍ගෙ‍න‍ග‍න ‍ගි‍හිල්‍‍ල ‍එ‍ත‍න ‍දේ‍ශ‍පා‍ල‍න‍ය ‍ක‍ර‍ල ‍හ‍රි‍යන්‍‍නෙ‍ නැ . දේ‍ශ‍පා‍ල‍න‍ය‍ ඔ‍නැ‍ නම්‍ ම‍හජ‍න‍ මු‍ද‍ල්‍
    ‍නාස්‍‍ති‍ නො‍ක‍ර ‍අස්‍‍වෙ‍ලා ‍පන්‍‍ස‍ල‍ට ‍යන්‍‍න. ‍විශ්‍‍ව ‍විද්‍යා‍ල‍ය‍ට ‍යන්‍‍න ‍ත‍ව ‍කී‍දෙ‍නෙක්‍ ‍බ‍ලා‍ග‍න ‍ඉන්‍‍න‍ව‍ද,‍එ‍ත‍කො‍ට ‍ඒ ‍ගොල්‍‍ලන්‍‍ට ‍ඒ ‍අ‍වස්‍‍තා‍ව ‍ලැ‍බෙ‍යි. ‍බො‍රු‍ව‍ට ‍පා‍ර‍වල්‍ ‍ගා‍නේ ‍ල‍ම‍යි ‍අ‍රන්‍ ‍ගි‍හින්‍ ‍ ‍‍ර‍ටේ ‍මු‍දල්‍ ‍නාස්‍‍ති‍ක‍ර‍න‍ව ‍පා‍ර ‍වල්‍ ‍‍ව‍හ‍ල. ‍මෙ‍හෙ‍ම‍ ගි‍යොත්‍ ‍ම‍හ ‍ජ‍න‍තා‍ව ‍නි‍ති‍ය ‍අ‍ත‍ට ‍ග‍නී‍වී. ‍ඕ‍න ‍උද්‍‍ගෝ‍ශ‍න‍යක්‍ විශ්‍‍ව ‍විද්‍යා‍ල‍ය‍ ‍ඇ‍තු‍ලෙ ‍ක‍ර‍ගන්‍‍න. ‍ඔ‍ය ‍ති‍යෙ‍න ‍තත්‍‍ව‍ය ‍ය‍ට‍තේ ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍න ‍බැ‍රි ‍නම්‍ ‍පන්‍‍ස‍ල‍ට ‍ව‍ඩින්‍‍න. ‍ඔ‍ත‍න‍ට ‍එන්‍‍න ‍ත‍ව ‍ද‍හස්‍ ‍ගා‍නක්‍ ‍බ‍ලා ‍ගෙ‍න ‍ඉන්‍‍න‍වා.
    ‍සි‍වු‍ර ‍දා‍ගන්‍‍නෙ ‍ස‍ස‍ර ‍දු‍කින්‍ ‍එ‍තෙ‍ර ‍වෙන්‍‍න ‍කි‍ය‍ල. ‍දැන්‍ ‍‍බැ‍ලුවහ‍ම ‍ක‍රන්‍‍නෙ ‍වෙ‍න ‍දෙ‍යක්‍. ‍මේ ‍ගොල්‍‍ලන්‍‍ව ‍ම‍හ‍න ‍ක‍ර‍න ‍අ‍ය‍යි ‍වැ‍ර‍දි.

  5. හෙලයා says:

    මේ සිසුන් කියන ජෙපි හැත්ත විශ්වවිද්‍යාල වලට එන්නෙ ඉගන ගන්න නෙවෙය්. මුන් අනෙක් ෂිශ්‍යයන්ට දහ මේ රටේ ඉදිඑි ගමනට මහ අැනයක් බව ජනාවතේරැම්ත යුතුය්.

  6. Roland says:

    නිරාගමික මාක්ස්වාදී අන්‍යාගමික JVP කාරයෝ දැන් භික්ෂූන්වහන්සේලා පාවිච්චිකරනවා, උන්වහන්සේලාට ශිෂ්‍ය සංගම්වල නායකකම් දෙමින් සහ ගුටිකන්න උද්ගෝශනවල ඉදිරියට දමමින්. 1971දීත් JVP කාරයෝ මේ හදියම භික්ෂූන්වහන්සේලාට කලා. මේවා ශ්‍රී ලංකාවේ බුදුසසුනට සහ රජයට එරෙහිව කරන අන්‍යාගමික සහ විදෙස් කුමන්ත්‍රන.

  7. Lasantha says:

    Ugathek wenna hadana buruwek.

  8. Araliya says:

    Ei meveni peviddanta madya sandarshana pewathweemata madya anugrahaya dakwanne. Meweni sakachcha madya visin mardanaya kala yuthuya.

  9. බන්ඩා says:

    පාර පුරා සහ යැම ආයතනයකම කැමරා පද්දති සවිකර තිබෙනවා නම් අය් විශ්ව විද්‍යාල වලට පමනක් ඒවා නරක?

    • Jasaya says:

      Ekane Bando, me nomeru chiwaradariya sivratath apahasa karanawa. Ko me mahanayaka warunge vinaya kriyamarga ? Me aya godak denek sasane kanawa !

  10. You JVP horrible scum degenerate ‘kupadi, ‘avalam’ fourth grade bastards, you all take instructions from your cardboard, degenerate, stupid, fifth-grade JVP leader Anura Kumara.

    You lucky bloody bastards should know , you get all free education up to end of your university degree level funded by the poor working people in your mother land Sri Lanka. So, have some respect for the government property owned by the poor people of sri lanka, you fifth grade scum bastards.

Main News