CEBට තෙල් දෙන්න ඩොලර් අවශ්‍යයි..- IOC කියයි..

January 27, 2022 at 3:20 am | lanka C news
CEBට තෙල් දෙන්න ඩොලර් අවශ්‍යයි..- IOC කියයි..

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට නොහැකි බව නොකියන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බව ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කරයි.

සමාගම පවසන්නේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින බවයි.

එනිසා එම ප්‍රශ්නයට විසඳුම් ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලබාදිය යුතු බව ද ඔවුන් අවධාරණය කරයි.

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ක ණය පහසුකම භාවිතා කරමින් ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ වුවද ඉන්දීය තෙල් සමාගම සඳහන් කරන්නේ තමනට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවත් එය තමන් විෂය පථයෙන් පිට බවත්ය.

14,049 views

3 Comments to “CEBට තෙල් දෙන්න ඩොලර් අවශ්‍යයි..- IOC කියයි..”

  1. බයිසන් says:

    CEB එකට තෙල් දෙන්න ඩොලර් වලින් ගෙවන්න කියනවා නම් තව ටික දවසකින් අපිවත් කියයි තෙල් ඕනැ නම් ඩොලර් අරගෙන එන්න කියලා.

  2. Ms.commonsense says:

    Why we pay dollers to a third party oil company to get oil ? Can’t we directly import oil from a Middle Eastern country ? IOC is also importing oil from Middle Eastern countries 🙃🤪

  3. Feef says:

    විදූළි බල මණ්ඩළයට 70% හා ABB KRAFT AS සමාගමට 30% අයිතිය තිබූ lanka transfomars සමාගමේ විදූළි බල මණ්ඩලයට හිමි කොටස් වලින් 10% 2005 දි ක්..LTL පාලකයන්ට නොමිලේම දූන්නේ පච රණවක..පර්ඩ්නැන්ඩස්..හා චෞර බැසිල්..

Main News