Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…

May 2, 2020 at 5:30 pm | lanka C news
Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…

මෙරට ඉන්ධන ගබඩාවල තෙල් තොග පිරී ඇති නිසා ඉන්ධන ආනයනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේකෝන් මහතා සඳහන් කරන්නේ ඉන්ධන මිල දී ගන්නා ක්‍රමවේදයට අනුව දැනට එම මිලදී ගැනීම තවදුරටත් පවත්වාගෙන යන බවයි.

ලෝකයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබුණ ද මෙරට තුල ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති නිසා අමතර තොග මිලදී ගෙන ගබඩා කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසුවේය.

දැනට ඉන්ධන අලෙවියෙන් යම් කිසි ලාභයක් ලැබුණද එම මුදල් කොරෝනා ව්‍යාප්තිය නිසා අපහසුතාවයට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක අරමුදලට දෙන බවද ඔහු සඳහන් කළේය.

රට සාමාන්‍ය තත්ත්වයට පත්වන ඕනෑම මොහොතක කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට අදාළ ක්‍රියාවලිය දැනටමත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

135 views

40 Comments to “Ceypetco ඉන්ධන ආනයනය අත්හිටුවයි…”

  1. Mangala says:

    ඇයි ත්‍රිකුණාමලේ මලකඩ කාලද? මලකඩ කාලනම් සුද්ධ කරලා ගන්න බැරිද ඉක්මන් කරලා.

  2. Love nature says:

    අරාබින්ගේ කනිජ තෙල් බාවිතය නිසා පෘතුවියේ ආයුස දිනෙන්දින විනාස වී යනවා

  3. යුන්පී ගලිබ්බා says:

    එක වැරදි වගේම දුරදිග නොබලා ගත් තීරණයක්. මේ වගේ මහඟු අවස්ථාවක් නැවත එන්නේ නැහැ ආයේ මේ කපේට. ජලය ට වඩා ඉන්ධන මිල වැඩි නිසාත්, අපිට ඕන තරම් නොමිලේ ජලය අහස් දිය ලෙස ලැබෙන නිසාත් හැකි ඉක්මනින් ප්‍රධාන ජලාශ ( වික්ටෝරියා, කොත්මලේ, කාසල්රී ) මුළුමනින්ම ජලය ඉවත් කර ඉන්ධන වලින් පුරවගන්න වැඩ පිළිවෙලක් ලෑස්ති කරන්න ඕන. එතකොට නුදුරු අනාගතයේ අපි ඉන්ධන වලින් ස්ව්‍යන්පොෂිත වෙලා , අතිරික්තය අපනයන කරන්නත් පුළුවන්. ඇයි මගේ අදහස අවුල් ද ?

    • King Bull says:

      පොඩ්ඩක්වත් අවුල් නෑ. පෝය ලඟයිනෙ.

  4. Love nature says:

    සූර්ය බලය

    සූර්ය බලය අඛණ්‌ඩව ලැබෙන පුනර්ජනනය කළ ශක්‌ති ප්‍රභවයකි. ලෝකයේ රටවල් රැසක, විශේෂයෙන් නිවර්තන කලාපීය හා ඒ ආසන්නයේ පිහිටා ඇති රටවල, වර්ෂය පුරා ම සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට ඇති හැකියාව ඉහළ ය. මේ නිසා බලශක්‌ති ලෝකයේ සැලකිය යුතු වේගයකින් වර්ධනය වන තාක්‌ෂණයකි.

    • ගන්ජ බන්ඩා says:

      සූර්ය බලය රෑට නෑනෙ. වලාතුලු තියන වෙලාවටත් වහින කොටත් නෑනෙ. එතකොට?

  5. සමන් says:

    අර දේශද්‍රෝහීන් ටික ඉන්දියාවට අපේ තෙල් ටැංකි ටිකක් දුන්න නේද?

  6. අද තෙල් අතිරික්කයක් තිබිලාත් ඉතිරි ඒවා ගබඩා කිරීමට තෙල් සංස්ථාවට ටැංකි නොමැතිවීම නිසා ගෙන්වීමත්,ගෙනත් තිබුණ දේවල් පවා අත්හිටවීමට සිදුවී තිබෙනවා.කොතරම් ශෝකජනකද? අපි දැක්කා පසුගිය රජය විසින්  අපේ තිබුණු අතිරික්ක ටැංකි ටික ඉන්දියාවට දෙනකම් නින්දගියේ නෑ රනිල් ඇතුළු නඩයට. අද එම ටැංකි ටික ත්‍රිකුණාමලේ අපසතුව තිබුණානම් මේ Crude OIL මිළ පහත වැටුණු අවස්ථාවේදී මිළදීගෙන මේ තෙල් අතිරික්කය ඒ සියලුම ටැංකිවලට ගබඩා කිරීමට තිබුණා නේද.එයින් කොපමණ මුදලක් රටට ඉතිරිකරගන්න තිබුණු අවස්ථාවද මේ නොමැතිවි යන්නේ. ඒ වගේම එයින් යම්කිසි සහානයක් ජනතාවටත් ලබන්න තිබුණු අවස්ථාවක්ද මේ නැතිවී යන්නේ මේ අමන මරි හිටපු ගොන් වහායෝ කරපු ඒ අනුවණ කම හින්දා. එවැනි වටිනා දේවල් කොපමණ කියා අපිට අහිමිවී ඇතිද? නමුත් කතාකරන්නේනම් වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අපිට උදවු කළහැකියි කියා. මුන් කරණ උදවු තමයි ඔය කර තිබෙන්නේ රටේ තිබෙන ධනස්කන්දයම අමුදවාලේ ගිලදමපු එක. ඔය දැන් දඟලන්නෙ  ඉතිරි ටිකත් නැතිකර නැත්තටම රට ගිල්වාදමන්නයි. එයට අපි කිසිසේත් ඉඩ නොතැබිය යුතුයි. කිසිම දුරාදැකීමක් නොමැති මේ අමන මෝඩ මරි තකතිරුවෝ ටික නම් රටට කළේ මහා රජආපරාධය නොවේද?.තවත් මෙවැනි දේවල් කිරීමට කිසිසේත් අප ඉඩ නොතැබීමට වගබලා ගතයුතුයි!   

    • විෂ්ණු says:

      නංගි ඔයාගේ කේතුව පළල් කරලා තෙල් ටිකක් ගබඩා කර ගත්තොත් මේ රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි.

      • උබේ අම්මගේ ඊට වඩා පුලුවන් ඇතිනේද>ටැංකි 5.6 වුණත් විස්කම්භ්යි ගැබුරටයි සපෙක්ෂිතව.මොකද කියන්න එවනවද කොළොන්නාවට අපි ඉතිරි ඒවා බලාගන්නම්.

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිතුමනි, මේ දුෂ්කර අවස්ථාවේ තෙල් මිල ගැන අපි ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් තෙල් මිල අඩු වී ඇති මේ වෙලාවේ තෙල් තොග රැස් නොකිරීමට හේතු පහදන්න. ත්‍රී ‘මලේ තෙල් ටැංකි ටික කඩිනමින් අළුත්වැඩියා කොට ප්‍රයෝජනයට නොගන්නේ ඇයි. කරුණාකර මේ ගැන අවධානය යොමු කරන්න.

  8. Kotalawala says:

    රටේ දියුණුව..එදා වේල ටුවර්ස්….

  9. Elmo Perera says:

    ලෝකයේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබුණ ද මෙරට තුල ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති නිසා අමතර තොග මිලදී ගෙන ගබඩා කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පැවසුවේය.

    THIS IS VERY INCORRECT STATEMENT. WHAT ABOUT CHINA BAY OIL TANKS IOC HAS NOT USED WHAT WAS GIVEN TO THEM. AT LEAST 25 CAN BE RENOVATED.BEFORE 1970s THEN CPC CHAIRMAN ERSR CUMARASAMY ADVISED THEN GOVT TO STORE OIL BEFORE PRICE HIKE.HIS VALUABLE ADVICE WAS NOT FOLLOWED.Mr SUMITH WIJEKOON MUST BE PROACTIVE AND ADVICE THE GOVERNMENT TO MAKE USE OF LOW PRICE TO STOCK. SELLERS WILL GIVE CREDIT FACILITIES DUE TO NON MOVING STOKS OF OIL

  10. බන්ඩා says:

    ගිය සතියෙ ඇමරිකාවෙ තෙල් මිල නෙගටිව් උනා. ඒ කියන්නෙ තෙල් ගෙනියන අයට සල්ලි දුන්නා.

Main News