Chapter Close : අගමැතිට වහා ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රිලනිපය දන්වයි.. විශ්වාස භංගයට ඒකමතිකව පක්‍ෂයි.. ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණ මෙන්න..

April 3, 2018 at 12:01 am | lanka C news
Chapter Close : අගමැතිට වහා ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රිලනිපය දන්වයි.. විශ්වාස භංගයට ඒකමතිකව පක්‍ෂයි.. ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණ මෙන්න..

හෙට දිනයේ විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ඇමතිවරුන් සිවු දෙනෙකු පමණක් සදහන් කර ඇත්තේ තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබාගෙන ඉදිරියට යා යුතු බවයි.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ තමනට තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ අගමැති දුරයේ තබාගෙන ගමනක් යා නොහැකි බවත් ඔහු අගමැති ධුරයේ තවත් සිටියහොත් රටට මහා විනාශයක් වන බවත්ය.

ඒ අනුව මෙම තීරණය අද පෙරවරුවේ අගමැතිවරයා වෙත දැනුම් දීමට නියමිත අතර අගමැතිවරයා එකග නොවන්නේ නම් විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දෙන බවත් දැනුම් දීමට නියමිතය.

45 views

16 Comments to “Chapter Close : අගමැතිට වහා ඉල්ලා අස්වෙන්නැයි ශ‍්‍රිලනිපය දන්වයි.. විශ්වාස භංගයට ඒකමතිකව පක්‍ෂයි.. ශ‍්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ තීරණ මෙන්න..”

  1. Vimalawathi says:

    After the 4th No More Deals get ready to go to JAIL

Main News