Chapter Close : කැබිනට් සංශෝධන නෑ.. ජනාධිපති එහෙම කිවුවේ නෑ..

May 10, 2017 at 12:16 am | lanka C news
Chapter Close : කැබිනට් සංශෝධන නෑ.. ජනාධිපති එහෙම කිවුවේ නෑ..

කැබිනට් සංශෝධනයක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙි පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

කැබිනට් සංශෝධනයක් සිදු කරන බවට ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකළ බවත්, ඒ පිළිබදව මාධ්‍ය වාර්තා පමණක් පළ වූ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැයි මස 29 වන දා සිට යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අවශ්‍ය විසදුම් රජය ප්‍රකාශයට පත්කර ඇති බවයි. “සයිටම් ආයතනය සදහා ප්‍රමිතිය රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. මෙි වනවිට සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවට එම සංගමය සදහන් කරනවා. ඔවුන්ගේ පරමාර්ථ වෙනස් වෙලා යැයි” සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය

තවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයක් ස්ථාපිත කරන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සෑම පක්ෂයකම මාධ්‍ය ප්‍රකාශකවරයෙක් සිටිීම හොද ලක්ෂණයක් බවයි. ර්‍මෙි පිළිබදව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙි දී අවධානය යොමු කල බවත්, මම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කළ අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්න මහතා සමග දේශපාලන ගැටළුවක් පමණක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. අමාත්‍යවරයා සමග පෞද්ගලික ගැටළුවක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

හෙද හෙදියන් සදහා උපාධියක් ලබාදීමට සුදානම් වන අවස්ථාවෙි දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරෝධය පළ කරන්නේ දැයි මාධ්‍යවෙිදීන් විමසා සිටියහ. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවෙි හෙද හෙදියන්ට උපාධිය ලබාදීමෙි යෝජනාව ඉදිරිපත් කළේ තමන් විසින් බවයි. එයට වෛද්‍යවරුන් විරුද්ධ වුවද, මෙි වනවිට එය සමථයකට පත්ව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

13 views

7 Comments to “Chapter Close : කැබිනට් සංශෝධන නෑ.. ජනාධිපති එහෙම කිවුවේ නෑ..”

  1. john the baptice says:

    රනිල්ට බය වෙලා ගමරාළ

    • kaniya] says:

      හූ………………….
      ආප්පයාට හූ ……………….
      ආප්පයා කිසිම විදිහකින් ඕකා ඕක කරන්නේ නැතිබව අපි කිව්වා

      එකට ඌට
      කොන්දක් නෑ
      තනියම තීරණයක් ගන්න හැකියාවක් නෑ
      කකුල්දෙක වෙවුලනවා
      රනිල් රට පාවල දුන්නත් ඕකා හැසිරෙන්නේ ඔහොමම තමයි.
      මහලොකු මිනිහා අපේ ගොන්නු 62ලක්ශයක් චන්දෙ දීල පත්කරගත්තු රුකඩයා

  2. love nature says:

    කියනකොට එහෙමයි…. කරනකොට මෙහෙමයි

  3. Wijebahu says:

    its not needed. so good decision at the end.

    • Lapaya says:

      Yes. Good dicision. But smell not good. May be Gamaralata abude rewila.

    • සුරාජ් says:

      දැන් ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන්න ඉතුරුවෙලා ඉන්නේ මෙන්න මේවගේ කුලියට කොටන විජේබාහු වගේ වජාතක සෙට් එකක් විතරයි .උන් අර ඇමෙරිකන් කාරයෝ එන්ජීඔ වලට එව්ව ඩොලර් සත පනහේ කාසි බලාගෙන මේවගේ ලියනවා මොකද උන්ගේ ගෑනු රෑට ක්ලබ් වල පොල් ඩාන්ස් කරලා හොයන සල්ලි වලට මුන් රුපියල් වලින් හම්බු කරලා මදි නිසා .පවු අසරණ නන්නත්තාර ජිවිත

  4. ExUNPer says:

    We have nut loose jokers everywhere !
    🙂

Main News