Chapter Close : ‘ජනාධිපති අපේක්‍ෂක මමයි.. විරුද්ද අය පක්‍ෂයෙන් යනු..’- රනිල් කෙලින්ම කියයි.. සජිත් පිල උඩුකුරුඤ්ඤං..

September 7, 2019 at 9:20 am | lanka C news
Chapter Close : ‘ජනාධිපති අපේක්‍ෂක මමයි.. විරුද්ද අය පක්‍ෂයෙන් යනු..’- රනිල් කෙලින්ම කියයි.. සජිත් පිල උඩුකුරුඤ්ඤං..

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා යන මහත්වරු සහභාගි වූහ.

එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත.

සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය.

ඒ අනුව හෙට (08 දා) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.

– divaina

27 views

22 Comments to “Chapter Close : ‘ජනාධිපති අපේක්‍ෂක මමයි.. විරුද්ද අය පක්‍ෂයෙන් යනු..’- රනිල් කෙලින්ම කියයි.. සජිත් පිල උඩුකුරුඤ්ඤං..”

  1. CPS says:

    ඉදිරි වසර කිහිපය තුලදි SLFP , UNP , JVP යන පක්ෂ තුනම මෙරට දේශපාලනයෙන් අතුගෑවී ගොස් SLPP සහ ඊට ප්රතිවාදී නව සන්ධානයක් හෝ සන්ධාන දෙකක් මෙරට ප්රධාන දේශපාලන පක්ශ බවට පත්වෙනු ඇත නමුත් ඒ සන්ධාන තුනම බිහිවෙන්නේ පරණ සුපුරුදු මුහුණ ටික සමඟමය

  2. Nandasoma says:

    Sajith has a great opportunity to become the leader of UNP. Ranil will definitely lose the election. Then he has to give the leadership to any one else.

  3. nihal says:

    parinatha naayakayek u obathumaawa deshapaalanayen pannaa dameeme kumanthranayai kriyaathmaka wanne nosalenna apita obathumaa awashyai

  4. catseye says:

    රනිල්…ඔයාගේ deel දාල ප්‍රශ්න යට ගහල අන්තිමේදී කොහොම හරි තමන්ම ජයගන්න ප්‍රයෝග ක්‍රමය මේ පාරින් ඉවරයි …..සජිත් ට නොදුන්නොත් අලියට වෙන්නේ අතට උන දේ මයි ……..ඔයා ඉල්ලුවොත් අන්ත පරාජයි …….

  5. ධනුෂ්ක ලිවේරා says:

    රනිල්, මහින්ද ,ගෝඨා,ලප කුමාරයා ,ඔය සේරම හොරු ,රටට ජාතියට ආදරේ අළුත් ඵකෙකුට අපේ සහය…ඵච්චරයි…!!!

Main News