CID ක‍්‍රිකට් ආයතනයට පනී.. මුල්‍ය ප‍්‍රධානියා අතුරුදහන්.. මහා වංචාවක සුලමුල ඇදේ..

October 18, 2018 at 3:00 pm | lanka C news
CID ක‍්‍රිකට් ආයතනයට පනී.. මුල්‍ය ප‍්‍රධානියා අතුරුදහන්.. මහා වංචාවක සුලමුල ඇදේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හදිසි පරික්ෂා කිරීමකට ලක් කර ඇත.

මෙසේ පරික්ෂා කිරීමට ලක්කර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සහ තොරතුරු තාක්ෂණ අංශයේ ලිපිගොණුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතිය ලබාදීම වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම පරීක්‍ෂාව සිදු කර ඇත.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා අතුරුදහන්ව ඇති බවයි.

ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම ඔහුගේ නිවසට ගිය ද එම නිවස වසා දමා තිබූ බව වාර්තා වෙයි.

ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ඉන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

30 views

2 Comments to “CID ක‍්‍රිකට් ආයතනයට පනී.. මුල්‍ය ප‍්‍රධානියා අතුරුදහන්.. මහා වංචාවක සුලමුල ඇදේ..”

  1. Nim says:

    ASWAYA PANALA GEHIN
    ESTHALAYA WASADAMA WADAK NAHA.
    LOKA HORU ANDUWEI AYATHA NAI HORA GUHA WAL.
    ” WATATH NIYARATH GOYAM
    KA NAM KATA KIYAMUDA
    ME WENASAYA “

    • ඒසී කාමරෙ says:

      දින ගනන් අව්වෙ වේලි වේලීම ගැහුවාට
      බුකියා ගහන්නේ ඒසී කාමරෙ බලා සිට
      අම්පයර් මොටද අව්වේ හිටං මේ සූදුවට
      යවපං බිලිදෙන්නො හෙට එල්ලුම් ගසට

Main News