COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…

December 5, 2016 at 5:30 pm | lanka C news
COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…

හත්වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය අය – වැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම යෙදෙන ලබන සෙනසුරාදා (10දා)ට පසුව අවසන් කර 2017 ජනවාරි මාසයේ උත්සවාකාරයෙන් නව සැසිවාරය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ දිනවල පැවැත්වෙන අය – වැය විවාදය සෙනසුරාදා පස්වරුවේ අවසන් වීමෙන් පසුව එදින මධ්‍යම රාත්‍රියේ හෝ ඊට ආසන්න දිනයක හෝ අවසන් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ බලය හිමි වී ඇත්තේ ජනාධිපතිවරයාටය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සංවත්සරය 2017 ජනවාරි 9 වැනිදාට යෙදී ඇත. එම පදවි ප්‍රාප්තියට සමගාමීව සිදු කිරීමට නියමිත උත්සව අතර අති විශේෂ උත්සවය ලෙස පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීම යොදාගත හැකි බව ආණ්ඩුවේ අවධානයට යොමු වී තිබේ. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු නව සැසිවාරය ආරම්භ කොට රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට යෝජිතය.

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් පවතින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව, ගෘහස්ථ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ආදී කාරක සභා සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනවාත් සමඟ අහෝසි වනු ඇත.

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා
– Mawbima

11 views

4 Comments to “COPE ඇතුළු කාරක සභා සියල්ල අහෝසියි…”

  1. Kohamath owa okkoma janawari “27” issalla iwara karanna wei mokada “yahapalanayath ” ahosi wenawa neeeee owath ekka ma (Vijith rohanage American chand prathipalaya hari giya wage anith ekath hari yavi–danno danithi|)

  2. Desapremiya says:

    E ekkama rotiyath karawela yayi.

  3. kamasiri Kuruwita says:

    ඇත්තට ම රොටි කරවෙන එක ජනතාවගේ පැත්තෙන් කොච්චර සුන්දරද ?

  4. අනාථ ජනයා says:

    යහපාලන ආන්ඩුව 10 වෙනිදාට කම්මුතයි. මහින්ද සමග සුබ අනාගතයකට සූදානම් වන්න

Main News