COPE සභාපති වගකීම හරියට දන්නේ නෑ.. එකේ සිදු වන දේවල් අඹ ගහ යට නඩු අහනවා වගේ.. මාධ්‍යට කියන්න වගකීමක් තියෙන අපිට බෑ..- සුජීව සේනසිංහ

November 18, 2017 at 12:00 pm | lanka C news
COPE සභාපති වගකීම හරියට දන්නේ නෑ.. එකේ සිදු වන දේවල් අඹ ගහ යට නඩු අහනවා වගේ.. මාධ්‍යට කියන්න වගකීමක් තියෙන අපිට බෑ..- සුජීව සේනසිංහ

එදා මාධ්‍ය ඉදිරිපිට යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ කියන්නේ මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙසරිස් එක්ක සම්බන්ධකම් පැවත්වුවා නම් එය සදාචාරත්මක නොවන බවයි. එහෙත් දැනට හෙලිවි ඇති කරුණු අනුව මෙම මන්ත්‍රී කණ්ඩායම ඊටත් වඩා දරුණු අපරාධකරුවන් බවට පත්ව ඇත්තේ එවෙනි වගකීමක් ගැන දැන දැනම එම වංචාව සොයා බැලීමට පත්කල කෝප් කොමිටියේ නිත්‍යානුකූල සමාජිකයින් ලෙස හිදිමින් එම චෝදනා පාර්ශවයන් සමඟ හොර රහසේ සම්බන්ධතා පැවත්විමයි.

එදා මාධ්‍ය වෙත කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා කියා සිටියේ කෝප් කොමිටියේ රහස්‍යභාවය ඉතා වැදගත් බවයි. එමෙන්ම එහි අඩංගු කරුණු මාධ්‍ය මගින් පලකිරිම සදාචාරාත්මක නොවන බව පවසමින් මාධ්‍යට චෝදනා කලේ ය. ඔහු තවදුරටත් පැවසුවේ “එකේ සිදු වන දේවල් අඹ ගහ යට නඩු අහනවා වගේ හැම දෙයම මාධ්‍යට කියන්න බැහ අපිට වගකීමක් තියෙනවා” යන්නයි. එමෙන්ම COPE කමිටුවේ සභාපති වගකීම හරියට දන්නේ නැතිව එහි කරුණු ප්‍රසිද්ධියට පත් කරන බවයි.

පොදු ව්‍යපාර කාරක සභාව COPE කමිටුව පසුගිය කාලයේදී ශ්‍රීලංකාවේ මෙතෙක් සිදු වු විශාලතම මූල්‍ය වංචාව වු මහා බැංකුවේ බැදුම්කර සම්බන්ධව විමර්ශනය කලේ ය. මේ සඳහා රජයේ විගණකාධිපති මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 26 දෙනෙකු ආණ්ඩු සහ විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූහ, එහි සභාපතිත්වය දැරුවේ ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාය.

රජයේ විගණකාධිපතිවරයා විසින් පිලියෙල කල එම වාර්තාව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත බාරදුන් අතර එම වාර්තාව පිටු 1600 කින් යුක්ත විය, එහෙත් එහිදි එම වාර්තාවට, කොමිටියේ සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විසින් ෆුට් නෝට් දැමීම හරහා එම වාර්තාව අවතක්සේරුවට ලක් කිරිමට එහිදි උත්සහ දැරිය.

එහෙත් එම ගනුදෙනුවට කෙලින්ම සම්බන්ධ වී චෝදනා ලබා සිටින අර්ජුන ඇලෝසියස් සමඟ ඉහත කමිටුවේ සමාජිකයකු වන රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ ඇතුළු මන්ත්‍රීවරු 5 දෙනෙකු සම්බන්ධකම් පවත්වා ඇත. ඒ මන්ත්‍රීවරුන් වනුයේ දයාසිරි ජයසේකර, අජිත් සි පෙරේරා, සුජිව සේරසිංහ, හර්ෂන රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ය.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ විසින් මහා බැංකුවේ බැදුම්කර වංචාවේ ප්‍රධාන හවුල්කාර චූදිතයා සමඟ එම පරීක්ෂණ සිදු කරන අවස්ථාවක් පමණක් හොර රහසේ දුරකතන සංවාද 62 ක් පවත්වා ඇති බැව් රහස් පොලිසිය ජනාධිපති කොමිසම වෙත සාක්ෂි සහිතව වාර්තා කොට ඇත.

වීඩියෝව මෙතනින්

149 views

14 Comments to “COPE සභාපති වගකීම හරියට දන්නේ නෑ.. එකේ සිදු වන දේවල් අඹ ගහ යට නඩු අහනවා වගේ.. මාධ්‍යට කියන්න වගකීමක් තියෙන අපිට බෑ..- සුජීව සේනසිංහ”

  1. යටටම වැදිලා says:

    අඹ ගහ යට නඩු යටටම වැදිලා වගේ.දාපං ෆුට් නෝට් එකක්.

Main News