Corona : අද 67ක් සුව වී ගෙදර යයි.. සුවවූවන් දහස පනී.. අද වාර්තාව මෙන්න..

June 9, 2020 at 12:40 pm | lanka C news
Corona : අද 67ක් සුව වී ගෙදර යයි.. සුවවූවන් දහස පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 67 දෙනෙකු සුව වී රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේ දී කොරෝනා ආසාදිතව රෝහල්ගත කර ඇති පිරිස 22කි.

ඒ අනුව කොරෝනා ආසාදිත රෝහල්ගතව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ 789කි.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1857ක් වන අතර ඉන් 1057 දෙනෙකු සුවය ලෙස රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති අද වාර්තාවේ මේ බව දැක්වෙයි.

306 views
Main News