Corona ඇදිරි නීතියේ සතුටු සාද දමයි..

March 21, 2020 at 12:00 pm | lanka C news
Corona ඇදිරි නීතියේ සතුටු සාද දමයි..

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල ඇතැම් පුද්ගලයන් එක් වී සාද පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඇදිරි නීතිය පනවන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා බවත් එය සාද පැවැත්වීම සඳහා දුන් නිවාඩුවක් නොවන බවත් ඔහු පැවසීය.

පවතින තත්වය තේරුම් ගෙන ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙසත් එය නොතකා කටයුතු කරන්නන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

මේ අතර ඊයේ රාත‍්‍රියේ ඇදිරි නීතිය කඩ කරමින් සාද පැවැත්වූ කිහිප දෙනෙකුම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

177 views

8 Comments to “Corona ඇදිරි නීතියේ සතුටු සාද දමයි..”

  1. Karma says:

    අනේ මන්ද මේ බේබද්දන්වනම්‍ කවදාවත් හදන්න බැහැ.මේ බේබද්දො ලෙඩඋනොත් නොමිලේ බෙහෙත් කරන්න එපා

    • "මතේ-සැර"🥵😢 says:

      මෙන්න සත්‍ය කතාවක්… මම පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගියා මීට අවුරුදු 10 කට පෙර…..එහෙ දෙමල ගෙදරක මට ඉතා අඩු මුදලට කුලියට ඉන්න කාමරයක් හම්බඋනා. හැමදාම හවසට යාලුවෝ පස්දෙනෙක් එකතුවෙලා සාද දානවා පීනන්නම බොනවා කීවොත් නිවැරදියි… හැබැයි උනු උනුවේ හදන වඩේ මගේ කාමරයට ගෙනල්ලා දීල කියනවා සද්දෙ ටිකක් ඇහේ ඒත් අපි කරන රස්සාවේ හැටියට ඇඟ නිවෙන්න මේවා ඕනිමයි….කල රස්සාව මහාමාර්ගයේ පාරවල් හැදීමට මූලික කට්ට කන අමාරුම කම්කරු වැඩටික කල එක… බිරිඳ හා දරුවොත් හිටියා අසරනව කරගන්න දෙයක් නැතිව… සිහිකල්පනාවෙන් ඉන්න හැම වෙලාවෙම මම කියනවා බොන්න එපා…
      එක දවසක් මාව විශ්ව විද්‍යාලයට එක්කගෙන ගියා එයාගේ කාර් එකේ.. මෙන්න ටික දුරකින් කකුල්දෙක මැද්දේ බෝතලේ තියාගෙන බිබී ඩ්‍රයිව් කරනවා.. මම විබාගය සමත්වෙලා ලංකාවට ආවා කියමුකෝ… ගිය අගෝස්තුවල මට සෙමිනා එකකට නැවත එම විශ්ව විද්‍යාලයට යන්න වුනා…. මම නැවතිල හිටිය දෙමල ගෙදර අයවත් බලන්න ගියා…දැක්ක දෙය දැකලා මම කම්පාවුනා…එදා හැම රැයකම විනෝද වුන ඒ යාලුවෝ හතර දෙනෙක්ම අද ඉන්නේ රෝදපුටුවල.. කෘතිම වකුගඩු හයිකරගෙන… මුලු පවුල්ම අසරනවෙලා… ඒ සැම දෙනාම කීවේ මහත්තයා එදා කිව්වදේ ඇහුවනම් අපි අදත් සාමාන්‍ය තත්වයෙන් ඉන්නවා කියලා.. හැබැයි ඉතින් ඔය විදියට විනෝදවෙන මේ අයගෙත් කිඩ්නි වල හයිය කොච්චර කල් තියෙයිද..කියන එක තමයි සැක? මම හැමදාම මගේ වාට්ටුවට එන මේවගේ අය දැකලා අහන දෙයක්… කෝ අද ස්ටෙලා යාලුවෝ ලඟ ඉන්නවද..? බෝතල් පාටි දාගෙන නටපුවගෙ විපාක නේද කිව්වම නිශ්‍ෂබ්ද වෙනවා..!

  2. හේරත් says:

    මේ කථාව නම් සහතික ඇත්ත – අපි ජීවත්වන හංවැල්ල ප්‍රදේශයේ පහත්ගම, තුන්නාන, කුඩලුවිල කියන පැතිවල තදින්ම මේ සාද පැවැත්වීම තියෙනවා. අනාරක්ෂාව වගේම සාමකාමි බවට ද මෙය තර්ජනයක්, අධික ශබ්දය කැගැසිම් ආදිය නිසා ගම් වැසියන්ට මධ්‍යම රාත්‍රිය පසුවද නිදා ගැනීමට පවා නොහැක. මේ සාද පවත්වන්නේ ඉතාම නුගත් – බීමට අබ්බැහි වු අය. කරුනාකර මේ වැනි නුගත්-මෝඩ රටවැසියන් දැනුවත් කිරිම සඳහා රජයෙන් කිසියම් දැනුවත් කිරිමක් කරන්න. ඒක මෝඩ රට වැසියෙක් නිසා සමස්ථ රටටම හානි විය. කරුනාකර මේ වැනි දේ නැවැත්වීමට පියවර ගන්න – දැනුම් දීම සඳහා අවම වශයෙන් හදිසි ඇමැතුම් ඒකකයක් ස්ථාපනය කරන්න!

  3. Love nature says:

    මත්ද්‍රව්‍ය භාවිතය

    මත්ද්‍රව්‍ය අපගේ සිරුරේ සෑම අවයවයකටම අහිතකර ලෙස බලපානවා. එහිදී බොහෝ සෙයින් අක්මාව ආශ්‍රිතව ඇති වන සිරෝසිස් තත්ත්ව, අක්මාව අක්‍රිය වීම සිදු විය හැකියි. එසේම එය හදවත කෙරෙහිද බලපාන අතර හෘදයේ පේශිවල අබාධ ඇතිවීම හා අධිරුධිර පීඩනය, ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව, ලිංගික බෙලහීනතාවය, මන්දපෝෂණය ටද හේතු වනවා. තවද මෙය ඇබ්බැහියක් බවට පත්ව මත්පැන් නොමැති වූ විට අතපය වෙව්ලීම, වලිප්පුව වැනි විරමන ලක්ෂණ ඇති වීම සිදු වෙනවා. එසේම මෙම මත්ද්‍රව්‍ය භාවිතය පිළිකා ඇති වීම කෙරෙහිද ප්‍රධාන හේතුවක් වෙනවා.

    මත්පැන් භාවිතා කරන්නන් නිතරම මානසික ආතතියෙන් පෙලෙන අතර ඔවුන්ගේ සතුටද සීමා වෙනවා. එනම් ඔවුන්ට තෘප්තියක් ලැබීමට හැකි වන්නේ මත්පැන් භාවිතයෙන් පමණයි. එසේම මෙම පුද්ගලයන් ඉක්මනින් කෝපයට පත් වන අතර එනිසා පවුල තුළ ගැටුම් ඇති වීම අදිය නිසාවෙන් පවුල් සංස්ථාවද බිඳ වැටෙනවා. එසේම එය ආර්ථිකය කෙරෙහිද ප්‍රබල ලෙස බලපෑමක් වන අතර ආර්ථික අස්ථාවරත්වය ඇති වනවා. එසේම එම හේතු නිසා සමාජ සබන්ධතා බිඳ වැටීම කෙරෙහිද හේතු වෙනවා. එපමණක් නොව මෙම මත්පැන් භාවිතය වර්තමානය වන විට මාර්ග අනතුරු ඇති වීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුවද වනවා. එනම් මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙනුයි.

    මේ ආකාරයට මත්ද්‍රව්‍ය ආශ්‍රිතව ඇති වන අතුරු ආබාධ රැසක් හඳුනා ගැනීමට හැකි වන අතර ඒවා තමන් විසින්ම ඇති කරගන්නා ගැටළු ලෙස හඳුන්වන්නට හැකියි. එනිසා අපට රෝග පමණක් ගෙන දෙමින් අපගේ දිවිය බිඳ දමන මෙම මත්පැන් පානයෙන් ඈත් වීම වර්තමාන යුගයේ සමාජ අවශ්‍යතාවයක් වෙනවා.

  4. SuMa says:

    ලංකාව සදාකල් “සංවර්ධනය වෙමින් පවතින රටක්” වෙන්න හේතුව දැන්වත් පැහැදිලිද?
    මේක අපේ ජානවල අවුලක්.. අර ඊශ්‍රායෙලයේ මොසාර්ට් එකේ එකෙක් කියලා තිබ්බ වගේ.. “ලංකාවේ එවුන් ලඟදී තමයි ගස් වලින් බැහැලා තියෙන්නේ”. තාම ඉන්නේ පරිනාමයේ මුල් අවධිවල..

  5. Love nature says:

    බටහිර අධිරාජ්‍යවාදීන් විසින් මේ රටට හඳුන්වා දුන් සත්ව මාංශ අනුභවය හා මත්පැන් පානයට විරුද්ධව ධර්මපාලතුමා දැවැන්ත සංග්‍රාමයක්‌ ඇති කළේය. මේ ආදීනව පිළිබඳව මෝටර් රථයක්‌ සරසා (සෝබන මන්දිරය නමින් ජනතාව ආදරයෙන් එම රථය හැඳින්වූහ) රට වටා ගොස්‌ මාංශ අ නුභවය හා මත්පැන් පානයට එරෙහිව ජනතාවට කරුණු දැක්‌විය. සමහර විට එතුමා ජනතාවට තද භාෂාවෙන් කතා කළේය. ඔහුට සාවධානව සවන්දුන් ජනතාව ඔහුගේ මත පිළිගෙන මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන් වැළකුණහ. බටහිර අධිරජ්‍යවාදයට පෙර සිංහළ මිනිසුන් මාංශ අනුභවය හා මත්පැන් පානයෙහි තොරව ජීවත්වූහ.

  6. Love nature says:

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    වරද දුටු තැන පෙන්වාදීම මගේ ගතියයි…
    ~ අනගාරික ධර්මපාලතුමා

Main News