Corona : ඉතාලියට පහලින් වුණාට ලංකාව ඉහල අවදානමක.. බරපතල රටවල් ගණනාවක මුල් දින 12ට වඩා ලංකාව ඉහලින්…

March 23, 2020 at 11:20 am | lanka C news
Corona : ඉතාලියට පහලින් වුණාට ලංකාව ඉහල අවදානමක.. බරපතල රටවල් ගණනාවක මුල් දින 12ට වඩා ලංකාව ඉහලින්…

මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.

මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.

එම සියලු රටවල් කොරෝනා ආසාදිතයන්ගේ සීග්‍ර වර්ධනයක් සිදුව ඇත්තේ පළමු රෝගියා හමුවී දින 19 ක ට පමණ පසු කාලයේදී බව පහත ප්‍රස්ථාරය ඇසුරින් තේරුම් ගත හැකිය.

ඉතාලියේ මුල් දිනවල වර්ධන වේගයට වඩා පහලින් දැන් ශ‍්‍රී ලංකාව සිටිය ද රෝගීන් වැඩි වර්ධන වේගය වැඩි බොහෝ රටවල මුල් දින 12 ට වඩා ශ්‍රී ලංකාව ඉහළින් සිටීම සැලකිය යුතු කාරණාවක් වෙයි.

කෙසේ නමුත් මෙරටදී හමුවූ පලමු කොරෝනා ආසාදිතයා වූ චීන ජාතික කාන්තාව හදුනාගන්නා ලද්දේ ජනවාරි 27 වැනිදායි.

330 views

21 Comments to “Corona : ඉතාලියට පහලින් වුණාට ලංකාව ඉහල අවදානමක.. බරපතල රටවල් ගණනාවක මුල් දින 12ට වඩා ලංකාව ඉහලින්…”

  1. සමන්ත says:

    ලංකාවට වඩා පහලින් ඉන්නවා කියන රටවල් අදත් මොනවාද කරන්නේ කොරෝනා මඩින්න. එ ගැන දන්නවා ඒ රටවල ඉන්න පිරිස්..සිංගප්පූරුව ලොක්ඩවුන් කරනවාද කියලා අහපු වෙලේ කිව්වේ ආර්ථිකය කඩා වැටෙන කිසි දෙයක් නොකර බවත්. ආර්ථිකය කඩා වැටුනොත් සෞඛ්‍යය සේවා පවත්වා ගෙන යා නොහැකි බවයි..නමුත් ලංකාව ගත් තීරණ ඉතා නිවැරදියි. පව් කියලා ඉතාලි, දකුණු කොරියාවේ අය නිසා තමයි ලංකාවට මේ තරම් විනාශයකට මුහුණ දෙන්න වුනේ..

  2. Media says:

    ගරු ජනාධිපතිතුමනි , ගරු අගමැතිතුමනි මාසයක් හරි ඇදිරි නීතිය දාලා අපේ රට මේ විනාසෙන් බේරලා දෙන්න. අතයවශය ආහාර සමූපකාර ජංගම රථවලින් බෙදාදෙන්න සහන මිලකට.

  3. sanasuma says:

    ජනාධිපති තුමනි,

    මේ ඇර‍‍ඹෙන සතිය ඉතා අවදානම්. ඒ වගේම තීරණාත්මකයි. අනිවාර්යෙන්ම ආරක්ෂාකාරී විය යුතුයි. වාහකයන් විසින් පතුරවන ලද වෛරස ඉස්මතුවෙන කාලයයි මේ ඇරඹේන්නේ. තත්ත්වය නරක අතට හැරුනොත් නගර ගම් සියල්ල වසා දැමීමට සිදුවෙනවාමයි. එය කොපමණ කාලයකටදැයි කිව නොහැක. මේ නිසා නගර ගම් සියල්ල වසා දැමීමක දී ජනතාවට ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ක්‍රමවේදයක් හදන්න. online ඇනවුම් කිරීම්, දුරකථන මාර්ගයෙන් ඇනවුම් කිරීම් වැනි හෝ වෙනත් විකල්ප ක්‍රමයක් ඇති කරන්න. ගබඩාවල කොතරම් ආහාර ද්‍රව්‍ය තිබුණත් ඒවා මහජනයා වෙත ලඟාවෙන කාර්යක්ෂම සහ ආරක්ෂිත කුමයක් අවශ්‍ය වේ.

    ඉදිරි දින කිහිපයකට හෝ අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබා දෙන්න. ඒක අපතේ යෑමක් නොවේ.

    ජනයා වෛරස පාලනයට අනුගත කිරීම ඉදිරියේ දී තදින්ම සිදු කිරීමට සිදුවෙනු ඇත. එසේම ඒ සඳහා ජනතා සහභාගිත්වය ඉතා වැදගත් වේ. මෙහි දී අන්තර්ජාල සම්බන්ධතාව වඩා ප්‍රයෝජනවත් වෙනු ඇත.

  4. Useless to compare with Italy. In that period they didn’t see any pandemic situation so didn’t take enough measures to control it. Now environment has totally changed. SL are talking correct measures to control it. These kind of irrational articles will help to push down contry’s moral.

  5. Useless to compare with Italy. In that period they didn’t see any pandemic situation so didn’t take enough measures to control it. Now environment has totally changed. SL is taking correct measures to control it. These kind of irrational articles will help to push down contry’s moral.

  6. ම ඉහත මුහුදු ජලය යොදන්නයි අදහස්කලේ ලෝහමය උපකරණ හෝ ලෝහමය ගොඩනැගිලි ආදිය නොමැති ස්ථාන වලටය.
    එසේ නොවුවහොත් වටිනා දේ අදික ලෙස මල කෑමකට ලක්වේ.
    තවද,ආවරණ ඉවත් කරන්නැයි අදහස් කළේ මුහුණු ආවරණ නොවේ. අනවශ්‍ය වහළවල් ආදිය හා ඉවත්කළ යුතු වන ආවරණ
    [එදවස විහාරමහාදේවී උයනේ කලක් මෙන්] ආදිය පිලිබදවය.
    සියලු කොවිඩ් රෝගීන්ට තිසරණ! හා සියලු දෙවි පිහිට!

  7. Joshep says:

    Excellent work byGota and Forces. Hats off!!!

Main News