Corona : කන්දකාඩු පොකුරෙන් තවත් 06ක් මතුවේ..
July 18, 2020 at 3:25 am | lanka C news
කන්දකාඩු කොරෝනා පොකුරට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයන් හය දෙනකු වාර්තා වී ඇත.
ඒ අනුව ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී ආසාදිතයන් 10 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත.
මෙම ආසාදිතයන් කන්දකාඩු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 06 දෙනෙක් ද ගම්පහින් ආශි‍්‍රතයන් දෙදෙනෙක්ද, රාජාංගනයෙන් එක් ආශ්‍රිතයෙක්ද ඉන්දියාවේ සිට පැමිණි එක් අයකු ද වේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2697 ක් දක්වා ඉහළ ගොස් ඇත.
හැම රටකම මෙහෙම තත්ත්වයන් ඇතිවෙනවා! ඒත් ලංකාවේ හොඳට කරගෙන ආවා, මාධ්‍යය මගින් එක පාරටම මිනිසුන්ගේ විනය නැති කලා, මාධ්‍යය මේකට පළමුව වගකිව යුතුයි.
සුවවූ අයට නැවත වැළඳිය හැකිද? වෛරසය ඔවුනගේ ඇගේ නැතිද? ඔවනු දැන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතු වල නියලනෙ බව මහජනතාව දන්නවා වුනත් දැනීමක් නැතිද?
හොඳම දෙය ජනතාව දැනුවත් කිරීම,
ඒ වාගේම දේශපාලන රැස්වීම්, පොකට් මිටින්, මළ ගෙවල්, මගුල් ගෙවල්, පන්සල් , පල්ලි, කෝවිල් වලට තහංචි පැනවිය යුතුයි.
නැත්නම් හැමදාම හඹායාමට සිදුවේවි
True, Why cant we ban political meetings.. Let the Election be there…
එතකොට අයිබොවන්ඩ ! අර මාධ්‍ය සංදර්ශන දාලා ,මයික් වටකරගෙන කන්දකාඩු පොකුර නිව්වා කියලා කිව්වෙ බොරුවටද ? මෙගොල්ලන්ගේ ජාත්‍යන්තර බෛලා වලට ලෝක සෞඛ්‍ය සංවිධානයත් අහුවෙනවා , ඉතින් හිතපං ගමේ බෛයො කොහොම අහුවෙනවද කියලා.
ඉක්මන් සුවය පතමු බුදු සරණයි.