Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..

April 30, 2020 at 10:00 am | lanka C news
Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..

නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙපල්ලව හා අඹහැර ප්‍රදේශවලින් සෙබළුන් දෙදෙනකුත්, ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්වත්ත හා අක්කර පනහ ප්‍රදේශයෙන් සෙබළුන් දෙදෙනකුත්, කුරුණෑගල කොට්ඨාසයෙන් හා වාරියපොළ පොලිස් බල ප්‍රදේශවලින් එක් සෙබළකු බැගින් හා රිදීගම කොට්ඨාසයට අයත් රම්බඩගල්ල හා පිහිඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නාවික සෙබළුන් දෙදෙනකු හා පොල්පිතිගම කොට්ඨාසයට අයත් මාඑළිය, හංගමුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකද මෙසේ නව කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනිණි.

මෙම කාන්තාව නාවික හමුදා මූලස්ථාන කඳවුරේ පරාක්‍රම ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන නාවික සෙබළකුගේ ඥාතිවරියක වීමද විශේෂත්වයකි. කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් දඩපලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම නාවික සෙබළා ඇයගේ දියණියක හා විවාහ වී සිටින අතර ඔහු නිවාඩු ලබා ඉකුත් 20 වැනි දින නිවෙසට පැමිණ 22 වැනි දින සිය නැන්දණිය බැලීම සඳහා මාඑළිය, හංගමුව ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තා වේ. පසුව ඔහු ඉකුත් 27 වැනි දින යළිත් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා රපෝර්තු කර තිබේ.

ඒ අනුව 27 වැනි දින බරපතළ ලෙස අසනීප තත්ත්වයට පත් කාන්තාව පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇයගේ තත්ත්වය අයහපත් වීම නිසා ඊයේ (29දා) ඇය රෝහලට මාරුකර යැවිණි.

එම රෝගියා සමඟ පොල්පිතිගම රෝහල් වාට්ටුවේ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටි බැවින් එම රෝගීන් දෙදෙනා හා රෝගී කාන්තාවට වෙදකම් කිරීමට වාට්ටුව තුළ රැඳී කටයුතු කළ වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 13 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක් වෙත නිරෝධායනය කිරීමට යැවීමට කටයුතු කර තිබෙන නමුත් එම ස්ථානය කොතැනකදැයි කියා නිශ්චිතව කිව නොහැකි බවත් පොල්පිතිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බුද්ධික කුරුකුලආරච්චි මහතා පැවැසීය.

ඒ අතර රෝහල් පරිශ්‍රය විසබීජහරණය කරන තෙක් රෝගීන් රෝහලට ඇතුළු කිරීම හා බාහිර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදීම තාවකාලිකව පෙරේදා (28දා) උදේ වරුවේ නවතා තැබීමට සිදුවූ බවද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම තත්ත්වය හේතුවෙන් පොල්පිතිගම වෙළෙඳ සංගමය එක්ව වෙළෙඳසල් බොහෝමයක් ඊයේ (29දා) දවස පුරා වසා තැබීමට පියවර ගෙන තිබිණි.

– mawbima

384 views

25 Comments to “Corona : කුරුණෑගල අවදානම ඉහලට.. රෝගීන් 27ක් හමුවේ..”

  1. Sandun Dhammika says:

    තව අවරුදු 2ක් වත් යන කම් බැරි වෙයි election !
    දවල් හීනයක් විතරයි !

    • kkuruwita says:

      ඉතිං හොඳයි නෙ. ඔය මීගොං ටොයිජෙප්පො පාර්ලිමේන්තුවට රැස් කරල නිකං කන්ඩ දෙනවට වඩා මේ යන විධිය ජනතාවටත් රටටත් ඉතාම හොඳයි.

      • john the baptice says:

        ඔව් බන් දැන්නම් ජනතාවට ඉතාමත් හොඳ වේගෙන එන්නෙ. 😀 😀 😀

    • 1234 says:

      හරි සතුටුයිද?

    • santha says:

      නවික හමුදා සෙබලුන් අධි අනාරක්ශිත ලෙස සිවිල් සේවාන්ගේ යෙදවූ හා ප්‍රමානවත් පහසුකම් යෙදවු දේශපාලන නියෝජිතයන්ට දැඩි දඩුවම් දිය යුතුයි..

      ඔව් ගෝටත් එක්ක ත්මයි කිව්වේ…

      • යොවුන් රාණි says:

        ප්‍රමානවත් පහසුකම් යොදා ඇත්නම් දඩුවම් අවශ්‍ය නෑ නේද (ඔයා කියන පරිදි) ?

    • Xira says:

      ඔව් ඔව් එතකන් පරන පාර්ලිමේන්තුව ගේමු.

  2. රෙක්ස් මුහන්දිරම්ගේ says:

    පබා නෝනා කියලා කට ගත්ත විතරයි, රයිට් ඔක්කොම හරී කියලා.

    • kkuruwita says:

      පබා මැතිණිය හරියටම හරි. මේ සියල්ල හඳුනාගත් පාලනයක් කලහැකි තත්වයක් යටතේ ඒ ප්‍රකාශය නිවැරදියි.

  3. Gama says:

    ගෑවුන ගෑවුන තැන් වල නාවික හමුදාව. ඔවුන්ගේ සේවය අඩු තක්සේරු කරනවා නෙවයි. මිනිසුන් සමග සටන් කරනවා වගේ නෙවෙයි වෛරස් සමග සටන් කිරීම. සෙබලුන් නෙවෙයි මීට වග කිව යුත්තේ ඉහල නිලයන්.

    • kkuruwita says:

      මේක ඕන කියල කරගත්ත දෙයක් නොවෙයි. මේකත් යුද්ධයක්. යුද්ධයකදී සෙබලු ආබාධිත වෙනවා තමයි. ඒ කට එයාලට හරි නායක යන්ට හරි දොස් කීම තේරුමක් නැහැ. ඒ සියලු දෙනා මේ තත්වයට මුහුන දුන්නේ අපි වෙනුවෙන් බව අප සිහිකර ගත යුතුයි. ඔවුනට කෙරෙහි ගුන සිහිකර අප ගරු කල යුතුයි.

      • මම says:

        PPE නැතුව කොරෝන කාරයෝ අල්ලන්න යවනවා කියන්නේ හරියට තුවක්කු නැතුව LTTE කාරයෝ අල්ලන්න අරිනවා වගේ වැඩක්. පොන්සේකා නැතුව කමල් ගුනරත්නල, ශවේන්ද්‍රලට යුද්දේ කරන්න දුන්න නං බලාගන්න තිබ්බ.

    • Goda appu says:

      Gama kiyana de atha mona salasum kalath wadak na awasane hathpole gagaththa ranaviruwo mona karandade kisima prikshanayak nokota a kolle gewal walata euwa anthime paul wala ahinsakayoth amaruwe

    • Goda appu says:

      Gama kiyana de atha mona salasum kalath wadak na awasane hathpole gagaththa ranaviruwo mona karandade kisima prikshanayak nokota a kolle gewal walata euwa anthime paul wala ahinsakayoth amaruwe

    • Navy says:

      ඔවුන්ට නිරෝධායනය වෙන්න කිව්ව නම් ඒක කරනවනෙ. හමුදා ඉහල නිල මේකෙදි සෞඛ්‍ය නිලධාරීන්ගෙ උපදෙස් ගන්න ඕන.

  4. Alapaaluwa says:

    කුරුණෑගල ඉන්න ගොඩක් අය සාමාන්‍ය දැනීම ඉතා අඩු පිරිසක්..ලෙඩ ගැන මේලෝ අවබෝධයක් නැහැ. කොරෝනා බෝ උනොත් ඉතින් පාලනය කරනවා බොරු. ඉක්මනට ටෙස්ට් කොරන්න.

    • Alapaluwa says:

      මා නොවන මගේ නමින් comment කරණ මේ අවලං අව්ජතකයා වන හොර අලපාලුව  මොකෙක්ද කියා මටනම්  සිතාගන්න බැ.අම්මෙක් තාත්තෙක්,නැති අගුපිලිවල්වල උප්පත්ති, ජාතකයක් ඇති එවුන්  මිසක් මෙවන් දෙයක් මෙතරම් කිවත් ගන්න නොගෙන කටයුතු කිරීමම මු මුගේ අවජාතක කම නොවේද මේ පෙන්වන්නේ. මට කණගාටුයි මුගේ ගැන.

    • Alapaluwaa says:

      අනුන්ගෙ නම් වලින් ඇවිත් මේවගෙ සක්කිලි වැඩකරන්නෙ දකුනෙ එවුන්.

      • Alapaluwa says:

        හරියටම හරි උබ එහෙනම් පිළිගන්නවා උබ සක්කිලියෙක් කියලා, අන්න ඒ විදියට යථාර්තය තේරුම් අරගෙන වරෙන් අපිව ආශ්‍රය කිරීමට අවශ්‍යනම්.

        • Alapaluwaa says:

          තෝ මගෙ නම හොරාකාලා මට සක්කිලියත් කියන්න එනවා. දකුනෙ එවුන්ගෙ හැටිමයි.

        • Alapaluwaa says:

          පංඩිතකම තියල අකුරු කියවල බලහං. මෝඩ වාහෙ. මෙතන ලියන්නෙ මහ ලොකු මහප්‍රාන. මෝඩ ගූඑන්පී හිවලා

  5. Please combine Traditional Local Medicine system with Western…………..

    • Alapaluwaa says:

      උඹට මොකක්ද බං තියන ඇම්ම. ලෝකෙටම කෙලවෙලා දගලනව. දුම් අල්ලල හොදකරන්න පුලුවන්නම් උඹ ලෙඩේ හදාගෙන හොදකරගෙන පෙන්නපංකො.

  6. Nishantha says:

    You’re totally correct, and hope they’ll do it.