Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..

April 19, 2020 at 10:12 pm | lanka C news
Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..

මෑත දිනවල දී හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිතයන් බහුතරයක් කලින් කරන ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

නමුත් මෙහි ඇති අනතුරුදායක කාරණය වන්නේ කොළඹ ප්‍රදේශයෙන් සොයාගත් ආශ්‍රිතයන් බොහෝ ප්‍රමාණයකට මෙම රෝගය ආසාදනය වී තිබීම යැයි ද පැවසීය.

එමෙන්ම එම ආසාදිතයන්ගේ වටපිටාව සොයා බැලීමේදී ඔවුන් අධික ලෙස ගමන් බිමන් යන තවත් පිරිස් සමග මිශ්‍ර වන පුද්ගලයන් බව ද ඔහු සදහන් කළේය.

එනිසා තවත් කොපමණ ප්‍රමාණයකට වෛරසය ආසන්න වී ඇත්දැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් සියළුම රෝගීන් හඳුනා ගැනීම සඳහා දිගින් දිගටම පරීක්ෂණ කරමින් සිටින බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

382 views

30 Comments to “Corona : කොළඹ තත්වය අනතුරුදායකයි.. ආසාදිතයන් කීයක්දැයි කියන්න බෑ..- ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා කියයි..”

  1. රටෙ එකා says:

    අන්න ඒක නිසා තමයි කොලබ ඇදිරි නීතිය අයින් කිරීම ලබන සදුදා දක්වාවත් කල් දාන්න ඕනෙ. මිනිස්සු කොලබ ඇවිත්, සති අන්තේ ගෙදර යන්න ගත්තම යන්නේ ලෙඩෙත් අරගෙන. තාම පරක්කු නෑ.

Main News