Corona : ගම්පොල නගරය වසා දමයි..

April 30, 2020 at 2:10 pm | lanka C news
Corona : ගම්පොල නගරය වසා දමයි..

ගම්පොල නගරය අද දිනයේ සිට සියලූ කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.

එළැඹෙන මැයි මස 4 වැනි දින දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

නගර සීමාවේදී කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත.

ආසාදිතයා හමු වූ සිංහපිටිය කෙසෙල්වත්ත ප්‍රදේශය දැනටම හුදකලා කර ඇති අතර ඔහු ඇසුරු කළ තිස් පස් දෙනෙකු නිරෝධයට යොමුකර තිබේ.

261 views

9 Comments to “Corona : ගම්පොල නගරය වසා දමයි..”

  1. Genome says:

    මේ වන විට Covid 19 ගැන සෞඛ්‍ය බලධරයන් කරන ප්‍රකාශ හා අනාවැකි දෙස ජනතාව බලන්නේ සැකයෙන් හා වැඩි විශ්වසයකින් තොරවය.ඔවුන්ගේ ප්‍රකාශ හා අනාවැකි වැඩි වේලාවක් නොයා ඔවුන්ටම වෙනස් කරන්නට සිදුවී ඇති වාර ගණන අපමණය.වෙෙරස් විද්‍යාවේ යොදාගන්නා ඉහලම විද්‍යාත්මක තාක්ෂණයක් වන Genome Sequencing උපයෝගි නොකරගෙන PCR හා Contact Tracing මත පමණක් පදනම්ව වසංගතය ගැන කතාකරන්න යෑමෙන් මේ අවුල් පැන නගී.ප්‍රංශයේ පැතුරැන කොවිඩ් 19 චීනයේ වූහාන් හෝ ඉතාලියෙන් පැමිණි එකක් නොවන බවට Pasteur Institute කරැණු අනාවරණය කරගෙන ඇත්තේ ප්‍රංශයේ රෝගින්ගේ සාම්පල වල Genome Sequencing ක්‍රමයට ජාන අනුපිලිවෙල අධ්‍යයනයකින් පසුය.මේ අවස්තාවේ රටේ මහත් භීතියකට තුඩු දී ඇති වැලිසර නාවික කදවුර මුල්කරගෙන ඉතාමත් ආක්‍රමණශීලිව පැතිරෙන කොරෝනාව මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේදයමද නැතහොත් එහිම නව විසකුරැ පරිවර්තනයක්ද එසේත් නැත්නම් විදේශ ප්‍රභවයකින් නාවිකයන් වෙත ආ එකක්ද යන ප්‍රශ්නවලට පිලිතුරැ ඇත්තේ Genome Sequencing තුලය.

    • Just says:

      Is there any country where correct predictions made regarding COVID-19? Even the WHO change their statements!

  2. nimal says:

    niya potthen kadanna thibba eka porowenuth be wage dennam

  3. අසෝක says:

    රටේ ඉතාම ඉක්මනින් පැතිරෙන වසංගත රෝගයක් තියන වෙලාවක, මිනුසුන්ගේ ව්ගකීමක්‌ නැතුව හැසිරීම නිසායි මේ ලෙඩේ පැතිරෙන්නේ.
    ඇදිරි නිතිය දාලා, සෙනග ගැවසෙන්න එපා කිව්වාට එය පිළිපදින්නේ නෑනේ

  4. john the baptice says:

    අතට අත දෙනවා මුහුණට මුහුණදෙනවා සුලු ජාතින් ගැවසෙන පළාතක්

Main News