Corona : තවත් 14ක් සුව වී පිටවෙයි.. රෝහල්වල තවත් 148ක් පමණයි.. සුව වීම් 92% පනී..
July 6, 2020 at 4:40 pm | lanka C news
අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 14 දෙනෙක් කොරෝනා ආසාදනයෙන් පූර්ණ ලෙස සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.
එම කාලය තුල ආසාදන වෛරසය ආසාදනය වී රෝහල් ගත කර ඇත්තේ පුද්ගලයන් තිදෙනෙකි.
ඒ අනුව දැනට රෝහල්ගතව ප්රතිකාර ලබන ආසාදිතයන් ප්රමාණය 148 දක්වා පහළ ගොස් ඇත.
මෙරට ආසාදනය වූ මුළු ප්රමාණය 2076 ක් වන අතර ඉන් 1917 දෙනකු පූර්ණ ලෙස සුවය ලබා පිටත් ව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවපත් වීමේ ප්රතිශතය 92.3% දක්වා ඉහළ යයි