Corona : තවත් 18ක් සුව වී පිට වේ.. රෝහල්වල 160ක් පමණයි.. සුව වීම් 91.7%යි…

July 5, 2020 at 5:30 pm | lanka C news
Corona : තවත් 18ක් සුව වී පිට වේ.. රෝහල්වල 160ක් පමණයි.. සුව වීම් 91.7%යි…

අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලයින් 18 දෙනෙකු කොරෝනා ආසාදනයෙන් පූර්ණව සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

එම කාලයේ දී රෝහල්ගතව ඇත්තේ නව ආසාදිතයන් පස්දෙනෙක් පමණිත.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ප්‍රමාණය 160 දෙනෙකි.

මෙතෙක් මෙරටින් හමු වූ ආසාදිතයන් ප‍්‍රමානය 2074 ක් වන අතර ඉන් 1903 පූර්ණ ලෙස සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඒ අනුව මෙරට සුවපත් වීමේ ප්‍රතිශතය 91.7% දක්වා ඉහළ යයි.

192 views
Main News