Corona : තවත් 28ක් සුව වී යයි.. අලුත් ආසාදිතයන් නෑ.. සුවවීමේ ප‍්‍රතිශතය 78% පනී..

June 22, 2020 at 4:40 pm | lanka C news
Corona : තවත් 28ක් සුව වී යයි.. අලුත් ආසාදිතයන් නෑ.. සුවවීමේ ප‍්‍රතිශතය  78% පනී..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 කාලයේදී කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 28 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

එම කාලයේදී කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නැත.

මේ වන විට කොරෝනා ආසාදිත වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 413ක් චක්වා පහත බැස ඇත.

මෙතෙක් මෙරටින් හමු වූ ආසාදිත ප‍්‍රමාණය 1950ක් වන අතර ඉන් 1526 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 78% ඉක්මවා ගොස් තිබේ.

235 views
Main News