Corona : තවත් 32ක් සුව වී ගෙදර යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 50% පනී.. අද වාර්තාව මෙන්න..

May 15, 2020 at 2:10 pm | lanka C news
Corona : තවත් 32ක් සුව වී ගෙදර යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 50% පනී.. අද වාර්තාව මෙන්න..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 32 දෙනකු සුවපත් වී රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලය තුළදී තවත් 10 දෙනකු කොරෝනා යැයි තහවුරු කර රෝහල්ගත කර ඇත.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් ප්‍රමාණය 439කි.

ආසාදිතයන් සුව වූ ප්‍රමාණය 477 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් ප්‍රමාණය 925කි.

ජදරදබ් යැයි සැක සහිත ව රෝහල් ගත කර සිටින ප්‍රමාණය 112කි.

අද රෝගීන් සුවපත් වී ප්‍රමාණය ද සමගින් මෙරට සුවපත් වීමේ ප්‍රතිශතය 50% ඉක්මවා ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

 

28 views

3 Comments to “Corona : තවත් 32ක් සුව වී ගෙදර යයි.. සුව වීමේ ප‍්‍රතිශතය 50% පනී.. අද වාර්තාව මෙන්න..”

  1. SL says:

    නෙවි එකට පාරම්පරික බෙහෙත් දෙනවා කීව, ඒවා වැඩ කරනවා වගේ. ප්‍රසිද්ධියේ කියන්නේ නැතිව හංගන එකෙන්ම ගොඩක් සැක හිතෙනවා

    Anyway , happy to see the trend.we can soon start the country with full capacity with preventive measures.

  2. dev says:

    mewa boru
    ape saji mathindu kiwwa, Ajith mathindu kiwwa,PA CHA mathindu kiwwa.

  3. සරා says:

    මල කෙලියයි.එතකොට ලංකාවේ මහා පාරවල් ගානේ මලමිණි ගොඩ ගැහෙනකම් බලන් හිටිය අනුර කුමාරටයි මෝඩ සජිත්ටයි මොකද වෙන්නේ?

Main News