Corona : තවත් 38ක් සුව වී පිට වේ.. රෝහල්ගතව තවත් 111ක් පමණයි.. සුව වීමේ ප‍්‍රතිශතය 94% පනී..

July 7, 2020 at 1:20 pm | lanka C news
Corona : තවත් 38ක් සුව වී පිට වේ.. රෝහල්ගතව තවත් 111ක් පමණයි.. සුව වීමේ ප‍්‍රතිශතය 94% පනී..

අද පෙරවරු දහයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුල පුද්ගලයන් 38 දෙනකු කොරෝනා ආසාදනයෙන් පූර්ණ වශයෙන් සුවපත්ව රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේ දී රෝහල්ගතව ඇත්තේ කොරෝනා ආසාදිත ලෙස හඳුනාගත් එක් අයෙකු පමණි.

ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 111 දක්වා පහළ ගොස් ඇත.

මෙතෙක් මෙරටින් හමු වූ සම්පූර්ණ කොරෝනා ආසාදිත ප්‍රමාණය 2077 ක් වන අතර ඉන් 1955 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී නිවෙස් බලා ගොස් ඇත.

මෙරට තුල සුවපත් වීමේ ප්‍රතිශතය 94.1% දක්වා ඉහළ ගොස් තිබේ

39 views

4 Comments to “Corona : තවත් 38ක් සුව වී පිට වේ.. රෝහල්ගතව තවත් 111ක් පමණයි.. සුව වීමේ ප‍්‍රතිශතය 94% පනී..”

  1. Ranga says:

    ගෝටාභය මැතිඳුනි. ඔබට පිං සිදු වේවා!

  2. ක්‍රිමිනල් says:

    චන්දෙන් ඉස්සෙල්ලා කොරොනා රොගීන් 0 යි , සමාජ පැතිරීමක් නෑ ,රොගියෙක් හමුවුනත් එක්කො නිරොධායන කදවුරකින් , එසේ හමුවුනත් පසුදිණ ඔහු රොගීයෙකු නොවනු ඇති.සරළයි! 😂😂😂

    • vishnu says:

      මූ මොන හිපාටුවෙක්ද හැම
      එහෙකටම හොම්බ දාන

    • බුවා says:

      සජිවයේගෙන් ඉල්ලගෙන පකනිල් ගහපු ජෙප්පෙක්ද කොහෙද

Main News