Corona : තවත් 65ක් සුව වී පිට වෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. සියළු වක‍්‍ර පහල බසී..

June 10, 2020 at 1:20 pm | lanka C news
Corona : තවත් 65ක් සුව වී පිට වෙයි.. සුව වීමේ ප‍්‍රතිශතය 60% පනී.. සියළු වක‍්‍ර පහල බසී..

අද පෙරවරු 10.00න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයන් 65 දෙනෙකු රෝහල් වලින් පූර්ණ සුවය ලබා බැහැරව ගොස් තිබේ.

එමෙන්ම එම කාලයේදී කොරෝනා ආසාදිත රෝහල්ගත කර ඇති පිරිස පුද්ගලයන් දෙදෙනෙකි.

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිසක් 726 දක්වා අඩු වී තිබේ.

රට තුල සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1859 කි. ඉන් 1122 පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 60% ඉක්මවා යයි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇති වාර්තාව මේ බව දැක්වෙයි.

183 views
Main News