Corona : මැද කොලඹ රැල්ලෙන් ලංකාව අවදානමේ.. පොකුරු රෝගීන් වැඩි වුනොත් පාලනයෙන් ඉවතට..

April 20, 2020 at 10:26 pm | lanka C news
Corona : මැද කොලඹ රැල්ලෙන් ලංකාව අවදානමේ.. පොකුරු රෝගීන් වැඩි වුනොත් පාලනයෙන් ඉවතට..

මේ වන විට මැද කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන අය නොවන බවත් එවන් ආසාදිතයන් පාලනය අභියෝගයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

එම එම ව්‍යාප්තිව පාලනය සඳහා සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල සහ අනෙකුත් අංශවල වගකීමකැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

දැනට පොකුරු ආකාරයෙන් හමු වෙන රෝගීන් ප්‍රමාණය ඉහළ ගියහොත් රෝගීන් පොකුරු ගණන පාලනයෙන් ගිලිහුණහොත් වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වෛරසය පාලනය සඳහා සිංගප්පූරු විසින් ලෝකයේ ප්‍රශස්තම ආකෘතියක් පාවිච්චි කළද අද වන විට ඔවුන්ගෙන් එම පාලනය ගිලිහෙමින් ඇති බව ඔහු පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ හමුවෙන්නේ අතේ ඇඟිලි ගානට ගණනින් පෙන්විය හැකි පොකුරු රෝගීන් සංඛ්‍යාවක් වූ ද ඉදිරියේදී එය අසාමාන්‍ය ලෙස ඉහල ගියොත් පාලනය කළ නොහැකි තත්වයට පත්වන බවද ඔහු කියා සිටියේය.

එනිසා නිසි ආකාරයෙන් නියැදි හඳුනා ගෙන පරීක්ෂණ කරමින් පාලනය කළ හොත් පමණක් මෙය පාලනය කළ හැකි බවද ඔහු අවධාරණය කලේය.

514 views

46 Comments to “Corona : මැද කොලඹ රැල්ලෙන් ලංකාව අවදානමේ.. පොකුරු රෝගීන් වැඩි වුනොත් පාලනයෙන් ඉවතට..”

  1. ගරසරප says:

    මැද කොලඹ පොහොට්ටුව 16% හංසයට 80%. කාගෙ හරි ගේමක් ද?

  2. sena says:

    සජිත් මහත්තයො කොරොනාවටත් මාව නවත්වන්නබැ කිව්වාට ඔන්න ඔබෙ පලාතටත් කොරොනා ආවා

  3. sena says:

    සජිත් මහත්තයො කොරොනාවටත් මාව නවත්වන්නබැ කිව්වාට ඔන්න ඔබෙ පලාතටත් කොරොනා ආවා

  4. බන්ඩා says:

    පොකුරු කොරෝනාවන් හමු වෙන සංකීර්ණ, හෝ ප්‍රදේශ වසා දැමිය යුතුය්. දිස්ත්‍රික්කයක්ම වසා දැමීම අපරාධයක් නාස්තියක්.

  5. firda says:

    hema ekatama jaathiwadin wechchaekai mekata mula. damdiwa gihin 1200 nikam gedara yewwa. ei yako dabadiwa giyama corona ennedda🔥 colombata dabadiwa gihin aapu pawle 3 denek mulu muslim gamatama uwmanawen corona🦠 bo karala . mewa maha aparada yako

    • afridi says:

      මෙතන අන්තවාදය පතුරුවන්න එපා.කොරොනා තියෙන එකා දන්නෙ නැහැ ඌට කොරොනා තියෙනවද කියල.

    • ගරසරප says:

      ජුනි- 20 වෙනකන් මේ පලාත් වහලා. තද යූ එන් පී ආසන ඔක්කොම කොරන්ටෛන්. ගේමක්ද?

  6. සමන්ත says:

    මේ GMOA එක හැම වෙලේම කියන්නේ ලබන සතියේ උපරිමය එනවා. ඒක දරාගන්න බෑ. හැම වෙලේම බෑ බෑ ගාන එකමයි. GMOA එකට බැරිවුනාට ආරක්ෂක අංශ විසින් මේකත් ඉවරයක් කරයි. එතකම් පොඩ්ඩක් බෑ බෑ ගාන එක නවත්වනවාද? මට නම් පේන්නේ මේ අය පහුගිය කාලේ කිව්වා වගේ කොස් කොළ කාලද කොහේද හැම එකටම බෑ බෑ ගාන්නේ. කිව්ව කිසි දෙයක් තාම වුනේ නැති නිසා GMOA එක පොඩ්ඩක් සද්ද නැතිව ඉන්නවාාද. මතකනේ කොරෝනා එන්නත් කලින් ඉල්ලීම ඉදිරිපත් කරපු හැටි ඒක විවේචනය කලාම කිව්වේ පහසුකම් සපයන්න කියලා..

  7. New Allah says:

    Ado, preme
    Thoge appatath beriyuna nodiyunu keselwatte tho diyunukolada
    Bola?.
    AVURUDU 5k tho polgewada ballo?

Main News