Corona : රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයක්ම වසා දමයි..

March 29, 2020 at 2:10 pm | lanka C news
Corona : රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයක්ම වසා දමයි..

පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.

අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.

වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.

– lankadeepa

247 views

22 Comments to “Corona : රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයක්ම වසා දමයි..”

  1. Kotalawala says:

    පිටරට දේ ජන ජීවිතය අවුල් කරයි..

    • බන්ඩා says:

      මුලින්ම ‘බෝන් අගේන්’ මිෂනාරීන් ඇමරිකාවෙ අන්තවාදී ක්‍රිස්තියානි සංවිධාන වලින් මුදල් ආධාර ලබාගෙන එම මුදල් අහේනියෙන් පෙලෙන බෞද්ධ, හින්දු සහ කතෝලිකයන්ට දෙවියන් එවන ආධාරයක් ලෙස ලබා දී තම ආගමට හරවා ගන්නවා. එසේ හැරිච්ච උන් පසුව පල්ලි මඩුවක් අටවා ගෙන අර ක්‍රමයටම පූර්ණ කාලීනව ආගම ව්‍යාප්ත කිරීමේ කාරියට බහිනවා. මේක තනිකරම පහසුවෙන් ජීවත් වීමේ ක්‍රමයක් නිසා බෝන් අගේන් කල්ලි සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. ‘සජියා සහ ආර්යාවන් දෙදනාත් ‘බෝන් අගේන්’ වෙලා.

  2. thus says:

    මුඵ මහත් සමාජයන් කරන කාරුණික ඉල්ලීමයි…!
    හෙට දින එනම් 30 වෙනිදා රජයෙන් ඇදිනීතිය  පැය කීපයකට  ඉවත්කලා  වුවද අත්හල නොහැකි ඉතාමත් අත්‍යාවශ්‍යයම කරනයට හැර නිවසින් පිට ගමන් කිරීමෙන් වලකින්න.

    බෞද්ධ අබෞද්ධ බේදයකින් තොරව ස්භාවදර්මය තේරුම් නොගෙන එය නොසලකාහැර විද්‍යාව(බුදු ඳහමට අනුව අවිද්‍යාව), තාක්ෂණය පසුපස යාම නිසා ස්භාවදර්මයට සිදුවන හානි හේතුවෙන් ස්භාවදර්මයෙන්ම  සිදුකරණ ප්‍රතිපහරදීම් වශයෙන්ද, එමෙන්ම බෞද්ධ දර්ශනයට අනුව ස්භාවදර්මය(බෞද්ධ දර්ශනය) තේරුම් නොගෙන මිනිසුන් විසින් විවිධ තන්හාවන් හේතුකරගෙන අධික ලෙස පිරිහීමට පත්වුවිට එය තවදුරටත් ස්භාවදර්මයට දැරිය නොහැහි තත්වයට පත්වූ විට වරින් වර ස්භාවදර්මයෙන්ම ලෝක සත්වයා හට කරණ පෙන්වාදීම් වටහා ගත යුතුව ඇත.
    නමුත් මේ අප ජීවත්වෙන්නේ බුද්ධෝපත්ති කාලයක නිසාවෙන් මිනිසුන් හට ස්භාවදර්මය විසින් වරින් වර කරණ  මෙම පෙන්වාදීම් වටහා ගැණීමට උනන්දු වන්නේ නම් එයින් පෙන්වා දෙන්නේ කුමක්ද? එය තන්හාව නේද? එමෙන්ම කොරෝනා වලට හේතුව සොයා ගියහොත් අවසානයේදී එයද තන්හාව ම බව හදුනාගත හැකිවේවි. එහෙනම් අපි මෙහි අගතියට යාම නුසුදුසුයි නේද? එසේනම් ස්භාවදර්මය එනම් බුදු දහම එයින් මිදීමට විස්තර කරදෙන යම් ක්‍රියා පටිපාටයක් වේනම් එය පිලිපැදිය යුතු බවත් එයින් පෙන්වාදෙන තන්හාව අත්හලයුතු බවත්, එයින් මිදීමට පස් පවින් වැලකිය යුතු බවත්, පවට භය, පවට ලැජ්ජාව ඇති කලගත යුතු බවත් ස්වභාවදර්මය කෙරෙහි මෛත්‍රය, කරුණාව, මුදිතාව පහල කර ගත යුතුව ඇති බවත් වටහාගෙන තන්හාව නිසා තම සිත විසින් කරන පෙළඹවීම් හේතුවෙන් සිදුකරන අනවශ්‍යය ගමන් ඉවත්කර ගෙදරටම වෙලා ඉන්න අදිෂ්ඪාණයකර ගන්න. සිතට නොව බුද්ධියට මුල්තැන දෙන්න.

    • බන්ඩා says:

      ⁣බලාගෙන යනකොට ඇමරිකන් ‘බෝන් අගේන්’ කල්ලි සහ ජිහාඩි මවුලවිලා රටම වෙලාගෙන තියන කොරෝනා පරදවන්න රටපුරා දේව මෙහෙය පවත්වලා.

    • Dinesh Jayasinghe says:

      Totally true, agreed!

  3. cw says:

    ” Poojakaya”- very common name. Definitely not a Buddhist. Then – Catholic, Anglican, Born Again Christian & I am sure not a Rabbi, quite possible he must be a Muslim.

    • Saman says:

      Don’t be a fool, it’s clear he is a katolika pujakaya

      • Alapaluwa says:

        මේ පුජකයෝ කියන එවුන්ට පිස්සු කියන්නේ තදටම පිස්සු මම දැක්කා ජෆ්නා වල අර සුවිස් වල ඉදන් පැමිණි හොරපුජකයා මිනිසුන්ව ඇඳුම් පිටින්ම අල්ලලා වතුරේ ඔබනවා 3න් සැරයක් ඉතින් ඒ යන එවුන්ට එයට වඩා මොළේ අවුල් වෙච්ච පිස්සෝ.අන්තිමට මොකද වුණේ කොහොම හරි කොරෝනාත් කට්ටියට දීලා ගියා එතකොට කෝ මුන්ගේ මේ ගෝත්‍රික දෙවියෝ පිස්සෝ පිස්සෝ

      • n.s fasions kurunegala says:

        NO CATHOLIC – BORN AGAIN OR CULT CHURCH – CATHOLIC ARE MUCH DISCIPLINE

  4. Namal says:

    කොහෙද ඉතින් මේ වගේ හරක් එක්ක කොරෝනා පාලනය කරන්නේ. අහවල් එකටද හැංගිලා ඉන්නේ. මිනිහට එක්කෝ වෙන case තිබ්බද දන්නේ නෑ උසාවියේ පොලිසියේ එහෙම..දන්නවා නේ ඉතින්. කෝකටත් මිනිහට මේ වෙන කොට වැඩේ පත්තු වෙලා ඇත්තේ. ලජ්ජාවට හැංගිලා ඇති. බැරිවෙලා හරි හම්බු උනොත් මිඩියා මල්ලිලා ඉතින් උපරිමයෙන් සලකයි. අපේ ගොන වැස්සොත් ඉතින් මේ වගේ හරක් පස්සේ යනවා කොච්චර එපා කිව්වත්.

    • හෙලයා says:

      පසුගිය වසර පහේ ඇමරිකන් දේවගැති වරු ඩොලර් සමග ලංකාවට ඇවිත් හොඳ පඩි ගෙවා ‘බෝන්අගේන්’ ෆාදර්ලා බෝ කලා. සජියා සහ ආර්යාවන්දෙදනාත් බෝන් අගේන් කාරයන්.

  5. Looks really like the deadly Corona has started to spread fast in Sri Lanka. The government must not wait any longer but should shut down and impose curfew on the whole island immediately to stop spreading the virus fast among poor uneducated people who are more exposed to the deadly virus. Also, the government should arrange to give Free Food and Medicines to all daily working people who by this time will not have any income to feed their families with children. For this purpose the govt. may have to cut some wages and salaries of more Fortunate government servants and private sector people, say 20% deduction of their salaries and use that money to give free food and medicine to ;poor people until this disaster is over.

  6. වරකයා says:

    මේ ආගම් විකුණන් කන එවුන් හින්දා තමයි රට නැති වෙනනේ.. මුන් පස්සේ යන එවුනුත් ගංජා ගහලා වාගේ. රටේ ලෝකෙ ගැන කිසිම හැගීමක් නැහැ. හොරුන්ටම ගැලපෙන ජනතාව..

  7. Asitha says:

    මොහු හිතාමතා කලා වෙන්නත් පුලුවන්. මෙම ආගමික කල්ලි ගන වඩාත් සෙවිල්ලෙන් සිටිය යුතුයි.

  8. Ayotallah says:

    The Government must take stern action and isolate these Pastors belongs to Christian fundamentalists who under the present problem of Corona propagating thrir religions aid and abet with their political masters who are well known

  9. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    සූරියවැව කියන්නෙ 90 % ගොවිතැනින් ජීවත් වෙන පිරිසක් ඉන්නා ප්‍රදේශයක්. සූරියවැව පොල දිවයිනේ බොහෝ දුර ප්‍රදේශවලට එළවළු කෙසෙල් කොමඩු සපයන තැනක්. ඒ පලාතේ මේ රෝගය ව්‍යාප්ත උනොත් වෙන්න නියමිත විනාශය කොච්චරක්ද කියන්න බෑ.. දෙව්ලොව පෙන්නලා අපායට දක්කන මේ වගේ තක්කඩියන් එදත් අදත් කවදත් කොහොමත් මේ රටට හෙනේට හිටියා..
    ගම්බද ගොවි පවුල් අන්‍යාගමීකරණය සමගින් නොමිලයේ කොරෝනා

  10. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ඔබේසේකර පුර ප්‍රදේශය මත්ද්‍රව්‍ය සහ පාතාලයට ප්‍රසිද්ධ ප්‍රදේශයක්. කුඩ්ඩන්ගෙන් සහ ගංජා අයිස් කාරයන්ගෙන් ඔය රෝගය අහල පහල ප්‍රදේශවලට ඉතා පහසුවෙන්ම බෝ වෙන්න පුළුවනි. ( උන්ට ඇඳිරිනීති සහ මෙවැනි මාරාන්තික රෝග අදාළ නැහැ ) බොරැල්ල , මරදාන , දෙමටගොඩ වගේ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හරහා පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවනි. කොළඹ වතු නිවාසවලට සහ අළුතෙන් හදපු ෆ්ලැට් වලට එහෙම මෙය රිංගුවොත් වෙන්නෙ විනාසයක්. බඩු හොය හොය ඒ පැත්තෙන් මේ පැත්තට රිංග රිංග ආරක්ෂක අංශවලට හොරෙන් ඇවිදින එවුන් ගැන ඉක්මනින් කටයුතු කරන්න. උන් තමා කොළඹ ප්‍රදේශයේ ඉන්න රෝග වාහකයෝ…

Main News